ලබන 14 වැනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය වෙනුවෙන් වෙළෙඳපොලේ අලෙවි කරන රෝස මල් පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි ලැබී තිබේ.
ස්වභාවික රතු රෝස මල් අලෙවි කරන වෙළෙඳසල් අසාධාරණ අයුරින් ඉහළ මිල ගණන්වලට එදිනට මල් අලෙවි කරන බවට එම අධිකාරියට මෙලෙස පැමිණිලි ලැබී ඇත. එබැවින් එම මල් කඩ වටලන ලෙස පැමිණිලි මගින් ඉල්ලීම් කොට ඇත.
මේ පිළිබඳ ලද පැමිණිලි වාචිකව ලද බැවින් එම පැමිණිලි පොතෙහි සටහන් කිරීමේ හැකියාවක් පාරිභෝගික අධිකාරියට හැකියාවක් නැතැයි එහි ප‍්‍රකාශකයෙක් ‘රිවිර’ වෙබ් අඩවියට පැවැසී ය. එබැවින් එම පැමිණිලි පිළිබඳ පාරිභෝගික අධිකාරියට කටයුතු කළ නොහැකි බව එම ප‍්‍රකාශකයා පෙන්වාදුන්නේ ය.