-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මාතර, ගන්දර, තලල්ල ප්‍රදේශයේ දී රියඅනතුරකින් පුද්ගල මරණයක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත් පසන් ගුණවර්ධනට මාස 6ක සිරද~ුවමක් වසර පහකට අත්හිටුවා නියම කර තිඛෙනවා.
මෙම වසරේ පෙබරවාරි මස විසි වන දින චතුර පසන් ගුණවර්ධන නමැති ඔහු විසින් තලල්ල ප්‍රදේශයේ දී රිය අනතුරකින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මාතර පොලිසිය විසින් මොහුට එරෙහිව චෝදනා හතරක් යටතේ නඩු ගොනුකර තිබුණි.
සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම සහ රිය බලපත්‍රයක් නොමැතිව වාහනයක් ධාවනය කිරීම යන චෝදනා යටතේ මොහුට නඩු ගොනුකර තිබුණු බව සඳහන්ය.
කෙසේ වෙතත් අදාළ නඩුව අද (03)කැඳවු අවස්ථාවේ දී අවසාන චෝදනා තුනට රුපියල් 6000ක දඩයක් නියම කළ මාතර අතිරේක මහේස්ත්‍රාත්වරයා පළමු චෝදනාව වන සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමට නියෝග කර තිබේ.
සිද්ධියෙන් පීඩාවට පත් පාර්ශවයන් වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමට නියෝග කළ ද අධිකරණයෙන් පාරිබාහිරව අදාළ චූදිතයා වෙනුවෙන් රුපියල් හය ලක්ෂ පණස්දහසක මුදලක් ගෙවීමට සැකකාර පසන් ගුණවර්ධන එකගතාව පළ කළ බව වාර්තාවුණා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week