-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අන්තර්ජාලය (ඉන්ටනෙට්‌) හරහා ගනුදෙනු කළහැකි මෙරට රාජ්‍ය බැංකුවකට අයත් ක්‍රෙඩිට්‌ කාඩ්වල ඇතුළත් රහසිගතව දත්තයක්‌ ඉතාම සූක්‍ෂම අන්දමින් සොරාගෙන රුපියල් කෝටි 26 කට අධික මුදල් වංචා කරන ලදැයි අධිකරණ නියෝග මත දැනට රක්‌ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 15 දෙනාට අමතරව රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තවත් සැකකරුවන් හය දෙනකු කොළඹ කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව හෙට 26 දින දක්‌වා රිමාන්ඩ් භාරයේ තැබීමට මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

අරුණ ශාන්ත සෙනෙවිරත්න, ගාමිණී පුණ්‍යසිරි ප්‍රනාන්දු, රසික ඉන්දික අල්විස්‌, විල්ප්‍රඩ් සේනාරත්න, උදේනි තිලක බණ්‌ඩර හා අයි. විෙ-රත්න නමැති මෙම සැකකරුවන් හය දෙනා අපරාධ පරීකAෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. 

මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව අනාවරණය වී ඇත්තේ අදාළ රාජ්‍ය බැංකුවේ ක්‍රෙඩිට්‌ කාඩ් අංශයේ කළමනාකරු විසින් රහස්‌ පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුව සිදුකරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක්‌ වශයෙනි.

මූලික විමර්ශන කටයුතු සිදුකළ පෙර අවස්‌ථා දෙකකදී සැකකවරුන් 15 දෙනකු රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එම සැකකරුවන් වන්නේ, එච්. සමන්ත උදය කුමාර අබේසිංහ විෙ-සේකර, පීටර් ත්‍යාගරාජා, ආර්. එච්. රාජපක්‌ෂ, ඩික්‌ෂන් විෙ-සූරිය, සෙල්වම් රාජක්‍රිෂ්ණන්, සෙල්වරාජා රවිකුමාර්, සුරංග නවින්ද පතිරණ, යසාස්‌ තරිඳු, පච්චමුත්තු රවී ක්‍රිෂ්ණන්, එරංග අබේසිංහ විෙ-සේකර, මොහමඩ් ඔමාර්දීන්, බණ්‌ඩාර වීරතුංග, සුනිල් උපනන්ද සිල්වා හා බර්නාඩ් ත්‍රිමුර්ථි පිල්ලෙයි යන කණ්‌ඩායමයි.

මේ අනුව දැනට රක්‌ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 21 දෙනා ලබන 26 දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙම මූල්‍ය වංචාවෙන් ලබාගත් රුපියල් කෝටි 26 ක මුදල් සැකකරුවන් විසින් කාන්තා ළමා පදනම සහ සහන පදනම නමැති රාජ්‍ය නොවන සංවිධාන (NGO) දෙකකට බැරකර ඒ මගින් ඉඩම් මිලදී ගෙන ඇති බවට අනාවරණය වී ඇතැයිද අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබේ.

සැකකරුවන් විසින් කොළඹ, පානදුර, හා මාතර යන ප්‍රදේශවලින් එසේ ලබා ගෙන ඇති ඉඩම් සම්බන්ධව ඔප්පු ඇතුළු ලියකියවිලි රහස්‌ පොලිසිය අධිකරණට ඉදිරිපත් කර ඇති අතර ඒවා විකිණීම, අන්සතු කිරීම හෝ පැවරීම තහනම් කිරීමේ නියෝගයක්‌ද අධිකරණය විසින් පනවා තිබේ.

වැඩිදුර විමර්ශන වාර්තා ජුනි මස 26 දිනට කල් තැබූ විනිසුරු තිළිණ ගමගේ මහතා සියලුම සැකකරුවන් එදින දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week