ශ්‍රී ලංකාවේ අලුගෝසු තනතුර සඳහා ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුගෙන් ඉල්ලුම් පත් ලැබී තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, ඉන් එක් පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේ පරිගණක ශිල්පියෙකු ලෙස සේවය කරන්නෙකු බව ය.
අනෙක් පුද්ගලයාගේ රැකියාව පිළිබඳව අයදුම් පත්‍රයේ දක්නට නැතැයි ඔහු සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, එම ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප කළ බව ය.
විදේශිකයින් එම තනතුර සඳහා බඳවා ගැනීමට රෙගුලාසි අනුව හැකියාවක් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
අලුගෝසු තනතුර සඳහා මුලින් ම බඳවා ගැනුණු දෙදෙනා සේවය අතහැර ගිය අතර තුන් වැන්නා එල්ලුම්ගහ දැකීමෙන් පසුව ඇතිවූ මානසික පීඩනය මත සේවයෙන් ඉවත් විය.