-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අවුරුදු 9ක් තිස්සේ සිය නැගණිය කෙළෙසූ බව කියන වෛද්‍යවරයෙකු ඉන්දියාවේ ගුරුගෝන් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, 27 හැවිරිදි අදාළ තරුණිය   කරන ලද පැමිණිල්ලක් මත 33 හැවිරිදි එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති  බව ය.
පැමිණිල්ල ඉදිරිපත් ව පැය කිහිපයක් ඇතුළත අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කර තිබේ.
තමන් 2005 වස‍රේ සිට සොයුරා අතින් දූෂණයට ලක් වූ බව ත් ඔහුගේ විවාහයෙන් පසු කරදරයෙන් මිදීමට හැකි වේ යැයි, සිතුව ද එය එසේ නොවුණ බව ත් ඇය පොලීසියට පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වන නිලධාරියෙකු පවසා ඇත්තේ, අදාළ වෛද්‍යවරයා ඇයට තර්ජනය කරමින් බිය ගන්වා එම අපරාධය සිදුකර ඇති බව ය.
තමන් මේ වන තෙක් සියල්ල ඉවසා සිටියේ සිය පවුලේ නම්බුවට කැළලක් වේ යැයි යන බිය නිසා බව ඇය සිය ප්‍රකාශයෙන් වැඩි දුරට ත් පවසා ඇත.
අදාළ තරුණිය  සිය සොයුරාගේ මෙම කරදරවලන් මිදීමේ අදහසින් මවගේ ද උපදෙස් මත  2005 වසරේ සිය වැඩිමහල් සහෝදරියගේ නිවසේ නතර වීමට පිටත්ව ගොස් තිබේ.
එහෙත් පසුව  නිවසට පැමිණි  සෑම අවස්ථාවකදී ම තමන්ට සිය සහෝදරයාගෙන් කරදර සිදු වූ බව ත් සිදු කළ හැකි අන් කිසිවක් නොමැති නිසා අවසානයේ නීතියේ පිහිට පැතූ බව ත් ඇය පවසා තිබේ.
අදාළ තරුණියගේ ඉල්ලීම මත ‍අදාළ වෛද්‍යවරයාගේ නම ‍සහ ඔහු සේවය කරන පෞද්ගලික රෝහලේ නම හෙළිදරව් කර නොමැත.
මෙම වෛද්‍යවරයා ගැහැනු දරුවන් 5 දෙනෙකුගෙන් යුත් එම පවුලේ එක ම පිරිමි දරුවා බව ද සඳහන් ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos