-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කිසියම් අයෙකුගේ ආගමික හැඟිම්වලට බාධාවන අයුරින් පච්ච කෙටීම දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ වරදක් වන බව පොලිසිය පවසනවා. මෙරට පැමිණි බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවකගේ දකුණු අතේ බුදුරුව සහිත පච්චයක් කොටා තිබීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපලේ දී ඊයේ අත්අඩංගුවට ගැනුණා. පසුව එම කාන්තාව මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රටින් පිටුවහල් කිරීමට නියෝග කෙරුණා. මේ හා සම්බන්ධ නීතිමය තත්ත්වය පිළිබඳ නෙත් නිවුස් කල විමසුමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා මෙලෙස කරුණු පැහැදිළි කළා. 

”සාමාන්‍යයෙන් අපරාධ නීතිය අනුව අන්අයගේ හැගීම්වලට බාධාවක් වෙන ආකාරයට රිදවීමක් වන ආකාරයට තව පාර්ශවයක් කටයුතු කරනවා නම් එය වරදක් වනවා. ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 291 වැනි වගන්තිය යටතේ මෙවැනි වරදක් සම්බන්ධයෙන් ක‍්‍රියාකිරීම නීතිමය හැකියාවක් තියෙනවා. ආගමික ස්මාරකවලට හානි කරනවා, නැත්නම් පච්චයක් වැනි දෙයක් බුදුන් වහන්සේ කියන්නේ අපේ ගෞරවනීය වස්තුවක්. අපි ඉතාම ඉහළින් සළකනවා. උන්වහන්සේගේ රූපයක් මේ ආකාරයට කාන්තාවකගේ අතක තබා ගැනීම තුලින් ආගමික හැගීම් පිළිබ`ද ප‍්‍රශ්නයක් ඇති වනවා. ඒ නිසා එවැනි කාරණා සම්බන්ධයෙන් නීතිමය හැකියාවක් තියෙනවා. ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා රටින් පිටුවහල් කරන්න කටයුතු කළේ.”

අන්‍යාගමිකයෙකු වෙනත් ආගමක සලකුණක් පච්චයක් ලෙස සිරුරේ කොටා ගැනීම මගින් ආගමික හැඟිම්වලට බාධාවක් විය හැකි බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

”කුරුසය වගේ දෙයක් නම් හයැම අවස්ථාවකදීම එය තිබිය යුත්තේ පපුව ආසන්න ප‍්‍රදේශයේ. එහෙම පච්ච කොටා ගන්න අය දක්නට ලැබෙනවා. නමුත් විශේෂයෙන් මේකට කාරණාව වෙලා තියෙන්නේ කාන්තාවකගේ ශරීරයේ තැනක නිසා. අපේ සංස්කෘතියට අනුව එහෙම පච්ච කොටා ගැනීමක් සිදුවුණොත් තමයි අපගේ ආගමික හැගීම්වලට බාධාවක් වනවා. ඒක තමයි ඒ තත්වයට හේතුව. කාන්තාවක් වනවා වගේම, ඒ පච්ච කොටා ගන්නා තැන සමහර වෙලාවට කුරුසය නම් කොටාගෙන තියෙනවා කතෝලික ආගමිකයෝ. නමුත්, කාන්තාවක් බෞද්ධ නොවන කෙනෙක්, ඒ වගේ අගපසගවල මේක කොටා ගැනීම අන් අයට හානියක්. ඒ ස්ථාන තමයි තීරණය වන්නේ.”\

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos