-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එක්සත් ජාතික පක්‍ෂ නායකත්ව මණ්ඩලයේ සභාපතිවරයා වූ කරු ජයසූරිය මහතා යොදා ගනිමින් පෙරේදා (11දා) දිනයේදී "මව්බිම" පුවත්පතට පහරදීමේ මෙහෙයුම සැලැසුම් කිරීමේ මහ මොළකරු ලෙස කටයුතු කර ඇත්තේ බි්‍රතාන්‍ය චැනල් 4 නාළිකාවේ දේශීය ඒජන්තවරයා බව මේ වන විට හෙළිදරව් වී ඇත.

එසේම මෙම පුද්ගලයා මෙරට පෞද්ගලික නාළිකාවක ප්‍රවෘත්ති උපදේශකවරයකු ලෙස කටයුතු කරන්නකු බවද අනාවරණය වී තිබේ. පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන කාලයේදී ලංකාවට පැමිණි චැනල් 4 නාළිකාවේ මාධ්‍යවේදීන් සිරිකොත එ.ජා.ප. මූලස්ථානයට රැගෙන යෑමේ මෙහෙයුම මෙම පුද්ගලයා විසින් කරනු ලැබූ බවට "මව්බිම" පුවත්පත පසුගියදා කළ හෙළිදරව්වත් සමඟ දැඩි ලෙස කෝපයට පත්ව ඇති මෙම පුද්ගලයා ඉන් අනතුරුව කරු ජයසූරිය මහතා උපයෝගි කරගෙන "මව්බිම" පුවත්පතට එරෙහිව මෙම ප්‍රහාරය දියත් කිරීමට සැලැසුම් කොට තිබේ. කෙසේ වෙතත් ආරක්‍ෂක අංශ අපහසුතාවට පත්කළ චැනල් 4 නාළිකාවේ මාධ්‍යවේදීන් සිරිකොතට රැගෙනගියේ මෙම පුද්ගලයා බවට හෙළිදරව් කිරීමත් සමඟ ඔහු සම්බන්ධයෙන් අප වෙත විශාල වශයෙන් තොරතුරු ගලා එන්නට විය.

එසේ ලැබුණු තොරතුරුවලට අනුව 2009 වසරේදී මෙම පුද්ගලයා පදිංචි වී සිටි බොරැල්ලේ මහල් නිවාසයකදී ආණ්ඩුව පෙරළා දැමීම සඳහා එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සමඟ රහසිගත සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇත. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී තොරතුරු හෙළිදරව් වීමෙන් අනතුරුව ආරක්‍ෂක අංශ මොහු සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කිරීමත් සමඟ ලන්ඩනයට පලාගිය මෙම පුද්ගලයා රහසිගත ජීවිතයක් ගත කිරීමට කටයුතු කොට තිබේ. එහි ටික කාලයක් වාසය කිරීමෙන් අනතුරුව විදෙස් රහස් ඔත්තු සේවාවක් සමඟ සමීප සම්බන්ධතාවක් ඇතිකරගෙන ඇති මෙම පුද්ගලයා ඒ හරහා ඉන්දියාවේ මදුරාසියට පලාගොස් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශයන්ට එරෙහිව එම ඔත්තු සේවාව වෙත තොරතුරු ලබාදීමට එකඟතාවකට පැමිණ ඇත. ඒ අනුව ලංකාවේ ආරක්‍ෂක අංශවල රාජකාරි කරන ඉහළ නිලධාරීන් සමඟ ඉතා කිට්ටු හිතවත්කම් ඇතිකරගෙන ඇති මෙම පුද්ගලයා ඔවුන් හරහා තොරතුරු ලබාගෙන ඒවා විදෙස් ඔත්තු සේවාවන්ට ලබාදීමට කටයුතු කොට තිබේ.

මේ සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශවලට තොරතුරු අනාවරණය වීමෙන් පසු යුද්ධය අතරතුරදී සිදුවූවේ යැයි කියන සිදුවීම් සම්බන්ධයෙන් වූ වීඩියෝ පට බි්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනි නාළිකාවට ලබාදීම පසුපස මෙම පුද්ගලයා සිටින්නේද යන්න සොයා බැලීම සඳහාද පරීක්‍ෂණ ආරම්භ කොට ඇත. කෙසේ වෙතත් ලන්ඩනයේ හා ඉන්දියාවේ ගත කළ කාලය අතරතුර විදෙස් ඔත්තු සේවාවන්ගෙන් මෙම පුද්ගලයාට විශාල වශයෙන් මුදල් ලැබී ඇති බව අනාවරණය වී ඇති අතර මීට අමතරව එ.ජා.ප.යේ නායකයකු හරහා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කිහිපදෙනකුගෙන් මුදල් ලබාගෙන ඇති බවටද තොරතුරු ලැබී තිබේ. එමෙන්ම මෙම පුද්ගලයා සම්බන්ධයෙන් මේ වන විට තවත් තොරතුරු රැසක් අප වෙත අනාවරණය කිරීමට විශාල පිරිසක් ඉදිරිපත්ව සිටී.
මේ අතර මෙම පුද්ගලයාගේ මැදිහත්වීමෙන් 'මව්බිම" පුවත්පතට ප්‍රහාර එල්ල කිරීමට සකස් කළ කතාව සඳහා ඉරිදා පුවත්පතක සේවය කරන කනිෂ්ඨ මාධ්‍යවේදියකුගේ සහාය ලැබී ඇති බවද දැනගන්නට ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week