-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පෘථිවිය මත විසූ ඩයිනෝසරයන් පොළෝ තලයෙන් අතු ගා දමමින් දැනට වසර දහස් ගණනකට උඩදී කඩා වැටුණ ග්‍රහකයේ හෙවත් ඇස්ටරොයිඩයේ වැදී ගුවනට විසි වූ පාෂාණ කැබලි නිසා අඟහරුගේ සහ බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් මත ක්‍ෂුද්‍ර ජීවීන් හට ගන්නට ඉඩ ඇතැයි ඇමෙරිකානු අභ්‍යවකාශ ගවේෂකයෝ කියති.

ගත වූ වසර කෝටි 350 දී පොළොවේ පාෂාණ කීයක් ග්‍රහක ඔස්සේ ගුවනට වීසි වන්නට ඇත්දැයි ගවේෂකයන් ගණන් බලා ඇත.

ක්‍ෂුද්‍ර ජීවීන් රැගත් පෘථිවියේ පාෂාණ දහස් ගණනාවක් බ්‍රහස්පති ග්‍රහයාගේ යුරෝපා නමැති චන්ද්‍රයා සහ අඟහරු වෙත ගමන් කරන්නට ඇති බවත් අඟහරු වාසයට සුදුසු ස්ථානයක්ව තිබූ බවත් විද්‍යාඥයෝ කියති.

ඇමෙරිකාවේ පෙන්සිල්වියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛ ලේඛිකා රැචල් වර්ත් පවසන අන්දමට ජීවය රැගත් පාෂාණ පෘථිවියෙන් සහ අඟහරු ලෝකයෙන් සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි සියලු ග්‍රහලෝක හා බ්‍රහස්පති වෙත ගමන් කරන්නට ඇතැයි අනුමාන කෙරේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week