ගාලූ මුවදොර පිටිය සහ පිටකොටුව ප‍්‍රදේශයේදී හෙට 14 සහ අනිද්දා 15 දෙදින තුල පැවැත්වීමට සූදානම් කර ඇති රාතී‍්‍ර මෝටර් රථ හා යතුරු පැදි තරඟාවලියේ තෙවැනි අදියර වෙනුවෙන් ඒ ආසන්න මාර්ග කිහිපයක් පස්වරු 03.00 සිට වසා දමන බව පොලීසිය පවසයි.
බැංකු මාවත ජනාධිපති මාවත හංදියෙන් පරණ පාර්ලිමේන්තු වටරවුම දෙසට මාර්ගය සහ ඕල්කට් මාවත, සී නෝර් හංදියෙන් කොටුව දෙසට මාර්ග, ගාලුමුවදොර වටරවුමෙන් කොටුව දෙසට මාර්ගය , රීගල් වටරවුමෙන් කොටුව දෙසට මාර්ගය, චෛත්‍යපාර වරාය දොරටුව අසළින් කොටුව දෙසට මාර්ගය, ඛාන් ඔරලෝසු කණුව වටරවුමෙන් කොටුව දෙසට මාර්ගය අදාළ කාලය තුළ වසා තැබේ.