-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කළුතර උතුර පොලිසියේ නිලධාරින් තිදෙනකු කැලිඩෝ හන්දියේ රාත‍්‍රී මුර සංචාරයේ යෙදී සිටියදී පහරදී කැබ් රථයකින් පලාගිය බව කියන කළුතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබල දේශපාලනඥයකුගේ සමීපතම ආධාරකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ.

පොලිස් නිලධාරින් මුර සංචාරයේ යෙදී සිටිය දී සැකකරුවන් කැලිඩෝ හන්දියේ මත්පැන් පානය කරමින් සිට ඇති අතර            එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් ප‍්‍රසිද්ධ ස්ථානයක මත්පැන් පානය කිරීමේ වරද පහදා දී අත්අඩංගුවට ගැනීමට සුදානම් වී ඇත.
එහිදී සිද්ධියේ ප‍්‍රධාන සැකකරු රජයට සම්බන්ධ ප‍්‍රබල දේශපාලනඥයාගේ නම පවසමින් ‘අඩෝ අපි ඇමතිතුමාගේ මිනිස්සු’ යැයි කියමින් පොලිස් නිලධාරින් තිදෙනාට පහර දී පලාගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පහර කෑමට ලක් වූ සැරයන්වරයා හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඉහළ පොලිස් නිලධාරින්ටද පැමිණිලි කර තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week