කොට්ටාව සිට මාතර දක්වා වූ දකුණු අධිවේගී මාර්ගයේ දෙපස සවිකර ඇති ආරක්ෂිත දැල් සොරුන් විසින් කපා ගෙන යාම නිසා එම මාර්ගයේ රිය පැදවීම අනතුරුදාවකක තත්වයක් මතුව තිබේ.
මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ කේ.ටී. රණතුංග මහතා පවසන්නේ මේ හේතුවෙන් මාර්ගයට සතුන් පිවිසීමත් සමඟම දැඩි අනතුරුදායක තත්ත්වයක් මතු වී තිබෙන බවය.
පින්නදුව හා කොක්මාදුව ප‍්‍රදේශවල මෙවැනි සොරකම් ඉතා වැඩි වශයෙන් සිදු වන බව ද පවසන ඒ මහතා එම ප‍්‍රදේශවල ආරක්ෂිත දැල් ආවරණය මීටර් 100 ක් දුරට කපා ගෙන ගොස් ඇතැයි ද කියයි.
මාර්ගය දෙපස ඇති ගම්මාන වලින් පැමිණෙන සංවිධානාත්මක පිරිසක් විසින් මෙම ජාවාරම මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇතැයි ද මෙය මැඩපැවැත්වීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.