අදින් වසර 2,250කට ඉහත බුදු දහම ඇදහූ දියුණු සංස්කෘතික ලක්ෂණවලින් හෙබි මිනිසුන් පිරිසක් බළන්ගොඩ කූරගල සහ කල්තොට අවට ජීවත් වී ඇතැයි පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා සිදුකළ ගවේෂණයකදී හෙළි වී තිබේ.
කල්තොට දියවින්න කිරිමලුගොල්ල වනය මැද ගල්ලෙන්වල සෙල්ලිපි 12ක්ද මහාචාර්යවරයා විසින් සොයා ගනු ලැබීය. ඊයේ 28 වැනිදා මහ සෙල් ලිපි පහක් පිටපත් කර තිබිණි.
මහාචාර්යවරයා සඳහන් කෙළේ කල්තොට අවට පුරාවිද්‍යා ගවේෂණයෙන් පෙනෙන්නේ වසර 2,500කට පෙරදිත් බුදුදහම මැනවින් ප්‍රචලිතව තිබූ බවට මේ කලාපයේ සාක්ෂි ඇති බවයි.
මහාචාර්යවරයා මෙසේද කීවේය. වසර හයකට පමණ පෙර හල්දුම්මුල්ල කඳු මුදුනෙන් ආරම්භ කරන ලද පුරාවිද්‍යා ගවේෂණයේ එක් දිගුවක් ලෙසයි කල්තොට ගවේෂණය දැන් සිදු කරන්නේ.
අවුරුදු 4,400කට පෙර ජීවත් වූ මානවයා ගැන එහිදී සාක්ෂි හමුවුණා. එහි සංස්කෘතික වර්ධනයක් තිබුණා. රුහුණේ මහා තැනිතලාවයි මෙම කලාපය. අවුරුදු 4,400කට පෙර ජීවත් වූ මානවයා ප්‍රධාන ශිෂ්ටාචාර දහරාවට අවතීර්ණ වීම ගැන තොරතුරු සොයා බැලීමේ අරමුණින් හල්දුම්මුල්ල පහළ ප්‍රදේශයේ එනම් කල්තොට අවට ගවේෂණය සිදු කළා.
මෙහිදී හමුවූ සෙල් ලිපි මෙම සෙල් ලිපිවලට සමාන්තරව ලංකාවේ වෙනත් ප්‍රදේශවල හමුවූ සෙල් ලිපිවලට වඩා වෙනස්කම් දැකිය හැකිය. අක්ෂර රටාව වාගේම අර්ථය තුළත් ගැඹුරු බවක් තිබෙනවා.