වෙළෙඳසැල් 10ක් බිඳ සොරකම් කළ තරුණයෙකු පිටබැද්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 19 හැවිරිදි මෙම තරුණයා මොරවක ප‍්‍රදේශයේ වෙළෙඳසැල් 05ක ද පිටබැද්දර ප‍්‍රදේශයේ වෙළෙඳසැල් 05කද සොරකම් සිදුකර ඇති බවයි විමර්ශනවලින් හෙලිවුණේ.
ඔහු සතුව තිබි පරිගණක 04ක් ඇතුළු රුපියල් ලක්‍ෂ 20කට වැඩි වටිනාකමින් යුත් භාණ්ඩ සොයා ගෙන තිබෙනවා. අධිකරණ අවසර මත තවදුරටත් රඳවාගෙන ඔහුගෙන් ප‍්‍රශ්න කරන බවයි පොලිසිය කියා සිටියේ.