-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වැලිපැන්න නගරයේ ජීවත්වන මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වේ.
කලහකාරී පිරිස් එල්ල කළ ප්‍රහාරයකින් මුස්ලිම් ජාතිකයෙකුට අයත් ගොවිපළක මුරකරු ලෙස සේවය කළ දෙමළ ජාතිකයෙකු මරණයට පත්වී ඇති බවයි වැලිපැන්න සිට සංදේශයට අදහස් දැක්වූ පැලාද මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පති ඒ.ආර්.එම් නාහුමන් පැවසුවේ.
එකසිය පනහකට අධික පිරිසක් පැමිණ නගරයේ කඩ සාප්පු දොළහකට පමණ පහර දී තිබෙන බව වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයා ඊයේ රාත්‍රියේ සිරස මාධ්‍ය ජාලයට පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ අවට ගම්වාසීන් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

වෙඩි ශබ්ද

මධ්‍යම රාත්‍රිය ආසන්නයේ වැලිපැන්න නගරය දෙසින් වෙඩි ශබ්ද ඇසුණු බව සංදේශයට අදහස් දැක්වූ පැලාද මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පති ඒ.ආර්.එම් නාහුමන් පැවසුවේය.
‘දිගින් දිගටම වෙඩි ශබ්ද ආවා. එතකොට අපිට ආරංචි වුනා ටවුමට ගිනි තියනවා කියලා. අපි ආරක්ෂක අංශ වලට දැනුම් දුන්නා. කිසිම වැඩක් වුනේ නැහැ. ගිනි තියාගන ඉදිරියට එනවා කියලා ආරංචි වුන නිසා අපේ ගමේ අය එතනට ගිහිල්ල තමයි නගරයේ ඉතුරු කඩ ටික බේරා ගත්තේ’ යයි පැවති තත්වය විස්තර කරමින් විදුහල්පතිවරයා සංදේශයට කියා සිටියේය.
‘අපි පණ බයේ හිටියේ මොකුත් කර ගන්න බැරුව අසරණ වෙලා. ළමයි ඔක්කොම ගොඩක් බය වෙලා හිටියා" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.
කලහකාරී පිරිස් අත ආයුධ තිබූ බව පවසන විදුහල්පතිවරයා, ඒ අවස්ථාවේ නගරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් තිදෙනා දෙනා කිසිවක් නොකළ බවටයි චෝදනා නගන්නේ.

සමගියෙන්

වැලිපැන්න නගරයේ ජීවත් වන සිංහල හා මුස්ලිම් ජනතාව ඉතා සමගියෙන් ජීවත් වූ පිරිසක් බව පවසන විදුහල්පති ඒ.ආර්.එම් නාහුමන් මෙම ප්‍රහාරය එල්ල කළේ පිටතින් පැමිණි පිරිස් බව ප්‍රකාශ කළේය.
වැලිපැන්න නගරයේ ගෙවල් කිහිපයක් ඇතුළු වෙළඳසැල් කිහිපයක් ගිනිබත් කර තිබෙන බව කියා සිටි විදුහල්පතිවරයා වෙළඳසැල් විසිහයකට පමණ පහර එල්ල කර තිබෙන බවත් එම හානියට පත් වෙළඳසැල් සමහරක් සිංහල ජාතිකයන්ට අයිති ඒවා බවත් පැවසීය.
මේ මොහොත වන විට වැලිපැන්න නගරයට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාවක් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.
බේරුවල සහ අලුත්ගම ‍පොලිස් බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු අටේ සිට පැය හතරක් දක්වා තාවකාලිකව ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණි.
එම ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය මිල දී ගැනීමට අවස්ථාව ලබා දීමටයි එම තීරණය ගෙන තිබෙන්නේ.
ඊයේ දිනයේ අලුත්ගම ඇතුළු අවට ගම්මාන වල සංචාරය කළ බීබීසී මාධ්‍යවේදීන්ට දැක ගත හැකි වූයේ වෙළඳසැල් වසා තිබීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි ආහාර හිඟයකට මුහුණ පා සිටි බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos