විදේශයන්ගෙන් ගෙන්වා විකුණන කිරිපිටි මිල ඉහළ දැමුවද හයිලන්ඞ් කිරිපිටි මිල වැඩි කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි ශ‍්‍රී ලංකා මිල්කෝ ආයතනයේ සභාපති සුනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
වෙළද පොළෙහි හයිලන්ඞ් සදහා අධික ඉල්ලූමක් මේ වන විට ඇති වී ඇති බවත් ඒ නිසා සිය නිෂ්පාදනයන් ප‍්‍රමාණවත් නොවන තත්වයක් ඇති වී තිබෙන බවද හෙතෙම පැවසීය.
හයිලන්ඞ් පිටි නිෂ්පාදනය ශීඝ‍්‍රයෙන් වැඩිකර ගැනීම සදහා පියවර රැසක් ගෙන ඇති බවත් සභාපතිවරයා පැවසීය.