බෝගම්බර බන්ධනාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා මෙම මස 15 වැනිදා සිට විවෘත කිරීමට පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණය අමාත්‍යාංශය කටයුතු කර සිටී. බෝගම්බර බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත්කිරීමට රජය තීරණය කිරීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙන බව පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණය ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා ඊයේ (07 වැනිදා) පැවසීය.
ඓතිහාසික දළදා මාලිගාව ආසන්නයේ එල්ලුම් ගහ සහිත බෝගම්බර බන්ධනාගාරය පැවැතීම එතරම් යෝග්‍ය නොවන බවට රජය ගත් තීරණය මත එහි සිටි රැඳවියන් වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයකට යොමුකර බෝගම්බර බන්ධනාගාරය හිස් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.
මෙම මස 15 වැනිදා මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරෙන බන්ධනාගාරය අප්‍රේල් 18 වැනිදා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවරීමට නියමිතය.
මෙහිදී මහජන ප්‍රදර්ශනයට ලක් කෙරෙන බන්ධනාගාරය තුළ එකවර තිදෙනෙකු එල්ලා දැමිය හැකි ස්ථානය, සිර මැදිරි සහ තවත් බොහෝ දේ දැක බලා ගැනීමට හැකිවෙයි.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා අමාත්‍යංශ ලේකම් ජී. එස්. විතානගේ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවල නිලධාරීහු කිහිපදෙනෙක් සහභාගි වූහ.