-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අතුරුදන් මලයාසියානු ගුවන් යානය සිය මුහුදු කලාපය තුළ සෙවීමේ කටයුතු අත්හිටු විමට වියට්නාමය තීරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ,  අදාළ යානය සෙවීමේ කටයුතු කසකස්ථානය සහ ඉන්දියන් සාගරය දෙසට යොමු කළ බව මලයාසියාව නිවේදනය කිරීමෙන් පසු අදාළ තීරණය ගත් බව ය.
පසුගිය සෙනසුරාදා අතුරුදන් වූ මෙම යානය සෙවීමේ මෙහෙයුම් සඳහා විටයට්නාමය ගුවන් යාන 11ක් සහ නෞකා 10ක් යොදවා තිබිණ.
කෙසේ වෙතත් වියට්නාම් බලධාරීන් පවසා ඇත්තේ, මලයාසියානු බලධාරීන් ඉල්ලීමක් කරන ඕනෑම අවස්ථාවක මෙහෙයුම් සඳහා යළි දායක වීමට සූදානම් බව ය.
මේ අතර අතුරුදන් මලයාසියානු ගුවන් යානයේ සන්නිවේදන පද්ධතිය සැලසුම් සහගතව යම් පුද්ගලයෙකු විසින් ක්‍රියා විරහිත කරනු ලැබ ඇති බව මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පැවසී ය.
මලයාසියානු අග්‍රාමාත්‍යවරයා වැඩි දුරට ත් පැවසුවේ, මේ වන විට යානයේ ගමන්ගත් මගීන් සහ කාර්ය මණ්ඩලය කෙරෙහි එරට බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බව ය.
කෙසේ වුවත් පසුගිය සෙනසුරාදා උදෑසන පුද්ගලයින් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් සිටියදි  අතුරුදන් වූ බෝයිං 777-200 වර්ගයේ එම්.එච්. 370 යානය සොයා ගැනීමට නොහැකි වී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week