ගාල්ල පින්නදුව සිට මාතර ගොඩගම දක්‌වා දකුණු අධිවේගී මගේ කිලෝ මීටර් 30ක කොටස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් විවෘත විය.
මේ අනුව නව මාර්ගය නිසා කඩුවෙල සිට මාතරට පැයකුත් විනාඩි තිහකින් හා කොට්ටාවේ සිට මාතරට පැයකුත් විනාඩි 20කින් ළඟා විය හැකි වනු ඇත.
මෙම මාර්ගය කොටස සඳහා රුපියල් බිලියන 18.7 ක මුදලක් වැය වී තිබේ.