-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉස්‌සර පවුලක දරුවෝ හතර පස්‌ දෙනෙක්‌ ඉන්න එක සාමාන්‍ය දෙයක්‌. දරුවො දහ දොළොස්‌ දෙනෙක්‌ හිටියොත් තමයි ලොකු පවුලක්‌ කියලා කියන්නෙ. ඒත් දැන් පවුලක දරුවො හතර පස්‌ දෙනෙක්‌ හිටියොත් ඒක ලොකු පවුලක්‌ වෙනවා. පුංචි පුවල රත්තරන් කියලා කියපු නිසා දැන් පවුලක දරුවෝ දෙන්නෙකුට වැඩියෙන් හදන්න දෙමාපියන් උනන්දු වන්නේ නැහැ.

මේ තත්ත්වය දැන් තවත් අඩුවේගෙන යන්න පටන් අරගෙන තියෙනවා. ඒකට හේතුවෙලා තියෙන්නෙ පුංචි පවුල රත්තරන් කියලා හිතන නිසා නොවෙයි. තමුන්ගේ රූපේ වටිනාකම රත්තරන්වලටත් වඩා වැඩි වටිනාකමක්‌ ඇතිකරගන්න කියලා හිතාගෙන කරන කටයුතු නිසයි. ඇත්තටම තමුන්ගේ රූපේ වටිනාකම කාටවත් මිල කරන්න බැහැ. කාගෙවත් රූපයකට සම කරන්නත් බැහැ. 

ඒත් වර්තමානයේ තියෙන ජනප්‍රිය රැල්ල නිසා දැන් ඔක්‌කොම කනපිට හැරෙන්න පටන් අරගෙන තියෙන්නේ. සිරුරේ නිරෝගී කමට වඩා පිට පොත්ත ගැන හිතන්න ගිහින් අද ගොඩක්‌ තරුණ තරුණියන් තමන්ගේ නිරෝගීකම නැතිකරගෙන තියෙන්නේ. ඒ හින්දා මේ වනවිට බොහෝ තරුණ තරුණියන් නොදැනීම ඔවුන්ගේ ප්‍රජනන ශක්‌තිය දුර්වලවීමට පටන්ගෙන තිබෙනවා. තවත් සරල කරලා කිව්වොත් වඳ භාවයට පත්වෙලා. ඒකෙ ප්‍රතිපලය වෙන්නේ විවාහ වූ විට ඔවුනට දරුඵල අහිමි වෙන එකයි.


කසාද බැඳලා දරුවන් නැතිව ලතැවෙන කොට බොහෝ පිරිමි අය චෝදනා කරන්නෙ බිරිඳට. දරුඵල නැත්තෙ මට නෙමෙයි ඔයාට කියලයි චෝදනා කරන්නෙ. නමුත් මේ වනවිට වෛද්‍යවරු සොයාගෙන තිබෙන තොරතුරුවලට අනුව ගැහැනු අය වගේම පිරිමි අයගෙත් ඉතා ශීඝ්‍රව පුරුෂ ශක්‌තිය දුර්වල වෙන්න පටන් අර ගෙන තියෙනවා. ඒකට බලපාන හේතු අතර තමන්ගේ කාය ශක්‌තිය වර්ධනය කරගන්න කියාලා ගනු ලබන ශක්‌තිජනක පාන ප්‍රධාන තැනක්‌ ගන්නවා. මෙම ශක්‌තිජනක පානවල තියනේනේ ශරීර උත්තේජන ද්‍රව්‍යයන්ය. (Anabolic Steroids) ඉන් මාංශ පේෂි වර්ධනය කරනවා. නමුත් මෙම උත්තේජක මගින් සිදුකරන හානිය වන්නේ පිරිමින්ගේ ශුක්‍රාණු නිෂ්පාදනය අඩුකිරීමයි.

පිරිමියකුගේ ශුක්‍රාණු නිපදවන්නේ ඔහුගේ වෘෂණ කෝෂ තුළයි. ඒ සඳහා ඔහුගේ FSH (Follicular Stimulating Hormone) සහ LH (Leutanising Hormone) යන හෝමෝනවල උත්තේජනය අවශ්‍යයි.

මෙම හෝමෝනවලින් ලබාදෙන උත්තේජනය මගින් වෘෂණ කෝෂවල තියෙන ටෙස්‌ටෙස්‌ටරෝන් නමැති හෝමෝනය උත්තේජනය වී ශුක්‍රාණු නිෂ්පාදනය වෙනවා.

ශක්‌තිජනක පානවර්ග බහුලව ගැනීම නිසා සිදුවන්නේ ඒවායේ ඇති උත්තේජන මගින් FSH සහ ඛ්‍ය හෝමෝන නිපදවීම අඩුවීමයි.

FSH සහ LH හෝමෝන නිෂ්පාදනය සඳහා උත්තේජනය ලබා දෙන්නේ මොළයේ පිටියුටිරි ග්‍රන්ථිය මගිනි. ශක්‌තිජනක පානවලින් ශරීරයට ලැබෙන බාහිර උත්තේජනය මගින් සිදුවන්නේ පිටියුටරි ග්‍රන්ථියෙන් ඇතිකරන උත්තේජනය අඩුවීමයි. එහි ප්‍රතිඵල වන්නේ වෘෂණ කෝෂ මගින් ශුක්‍රාණු නිපදවීම අඩුවීමයි. ඉතිං. අනවශ්‍ය විදිහට කායවර්ධනය කරගන්න ගිහින් අවසානයේදී සිදුවන්නේ වඳ පිරිමියෙක්‌ බවට පත්වීමයි. එනිසා වෛද්‍ය උපදෙස්‌වලින් තොරව මෙවැනි කටයුතුවලට යොමුවීමෙන් වැළකිය යුතුයි.

ඒ වගේම තමයි අද ගොඩක්‌ තරුණයෝ අධික ලෙස වෙහෙස වෙනවා. නිදි මරනවා. අධික උෂ්ණත්වයක්‌ සහිත පරිසරවල කටයුතු කරනවා. පරිගණකය ළඟ පැය හත අටක්‌ කාලය ගතකරනවා. එකම තැන වැඩි කාලයක්‌ වාඩිවී සිටීම නිසා ඔවුන්ගේ වෘෂණ කෝෂවලට අධික උෂ්ණත්වයක්‌ ලැබෙනවා. එහි ප්‍රතිපලය වන්නේත් වෘෂණ කෝෂ මගින් ශුක්‍රාණු නිපදවීම අඩපනවීමයි.

වෘෂණ කෝෂ ශරීරයෙන් බාහිරව පිහිටා තිබෙන්නේත් ශරීර උෂ්ණත්වයෙන් ආරක්‌ෂා කරගන්නයි. අපගේ ශරීර උෂ්ණත්වය ෆeරන්හයිට්‌ අංශක 98.4 ක්‌ වෙනවා. එම උෂ්ණත්වයේදී ශුක්‍රාණු විනාශ වෙනවා. එනිසා නිතරම ශරීර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක වෘෂණ කෝෂ පැවැතිය යුතුයි. එක තැන වැඩි කාලයක්‌ වාඩිවි සිටීම, ෆeරන්හයිට්‌ අංශක 100 ක පමණ උෂ්ණත්වයක්‌ ඇති ස්‌ථානවල (බේකරි ආපන ශාලා) රැකියා කිරීම නිසාද ශුක්‍රාණු නිෂ්පාදනය අඩපන වෙනවා.

මේ අතර වර්තමානයේ බොහෝ තරුණයන් විවිධ උත්තේජන ගෙන දෙන ඖෂධ පානය කරන්න හුරුවෙලා තියෙනවා. ඉන් ඔවුන් බලාපොරොත්තු වන්නේ මත්වීමක්‌. මෙම ඖෂධ පානයට ඇබ්බැහිවීම නිසා සිදුවන්නේත් ශුක්‍රාණු නිෂ්පාදනය අඩපණවීමයි.

සාමාන්‍යයෙන් නිරෝගී පිරිමියෙකුගේ වරකට පිටවන ශුක්‍රාණුවල නිරෝගී ශුක්‍රාණු දශ ලක්‌ෂ 60 ක්‌ පමණ තිබිය යුතුයි. එම ශුක්‍රාණු අතරින් එක්‌ ශුක්‍රාණුවක්‌ කාන්තාවකගේ යෝනි මාර්ගය ඔස්‌සේ පිහිනා ගොස්‌ ඩිම්බයක්‌ සමඟ එකතුවී කළලයක්‌ සාදනු ලබනවා. මේ ක්‍රියාවලිය නිසි ලෙස සිදුවෙන්න නම් පිරිමියා නිරෝගීව සිටිය යුතුයි. බාහිර පෙනුම හදාගන්න ගිහින්, අනවශ්‍ය ලෙස වෙහෙසකර ජීවිතයක්‌ ගතකරමින් හෝ විවිධ උත්තේජන අරගෙන තාවකාලික සතුටක්‌ ලබන්න ගිහින් අවසානයේදී සිද්ධවෙන්නේ පුරුෂ ශක්‌තිය නැති පිරිමියෙක්‌ බවට පත්වීමයි. ඉතිං එහෙම වෙනවද කියලා තරුණයින් ටිකක්‌ හිතා බැලිය යුතුයි.

මිනිසාගේ පරිණාමයෙන්ම පිරිමියාට ලැබී තිබෙන දායාදයක්‌ තමයි දරුවන් බෝ කිරීම සඳහා අවශ්‍ය ශක්‌තිය හිමිවීම වයස අවුරුදු 70 - 80 පමණ දක්‌වා පිරිමියකුට එම හැකියාව තියෙන්නෙ එනිසයි. ඉතිං පරිණාමයටත් එරෙහිව ගියොත් අවසානයේදී සිදුවන්නේ අපගේ පරම්පරාව හදන්න නළ දරුවන්ගේ පිහිට පතන්න සිදුවීමයි. එතකොට පුංචි පවුල රත්තරන් නෙමෙයි පුංචි පවුල නළ දරුවො නිසා කියලයි කියන්න සිදුවන්නේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week