මල්වතුහිරිපිටිය, බුත්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු බීමතින් ඇතිකරගත් ආරවුලකදී දෙදෙනා අතර සිදුවූ ගුටි බැට හුවමාරුවකදී පොලුවලින් පහරදීමක් සිදුවීමෙන් එක් අයෙකු මිය ගොස් තිබේ.
පොලුපහරවල් වැදීමෙන් දෙදෙනාම තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී බරපතල තත්වයේ සිටි 55 හැවිරිදි ප්‍රනාන්දු නැමැත්තෙක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන පහර කෑමට ලක්වූ අනෙක් පුද්ගලයා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිත අතර මල්වතුහිරිපිටිය පොලිසිය සිද්ධිය පිලිබඳ වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.