-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විවාහයෙන් වෙන්වී වසර කිහිපයක් තනිවම නිවෙසේ ජීවත් වූ වාහන විකිණීමට හවුල් වූ තැරැව්කරුවකුගේ සිරුරක් ඔහුගේ නිවෙස තුළ නරක් වී තිබියදී රාජාංගණය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පසුගියදා (14දා) සොයාගෙන තිබේ.

පිහියකින් හිසට හා පපුවට පහරදී නිවෙස තුළදීම දින කිහිපයකට ඉහතදී ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. ඝාතනයට ලක්ව ඇත්තේ දෙකේ ඇළ, කන්ද කොටස, යාය 12 ගැමුණුපුර, රාජාංගණය ලිපිනයේ පදිංවි සිටි 47 හැවිරිදි තිදරු පියකු වූ තෙන්නකෝන් මුදියන්සේලාගේ දසනායක නමැත්තායි.

මේ පුද්ගලයා විවිධ පුද්ගලයන්ගේ ලියාපදිංචි කරන ලද රථ වාහන අලෙවි කිරීමේ තැරැව්කරුවකු (බේ‍රා්කර්) වශයෙන් කටයුතු කර ඇති බවත්, ඔහු පළමු විවාහයෙන් වෙන් වීමෙන් පසු ඝාතනයට ලක්වූ නිවෙසේ තනිව ජීවත් වී ඇති බවත් රාජාංගණය පොලිසිය පවසයි. පසුගිය 12 වැනිදා අවසන් වරට මියගිය පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් දැක ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙම පුද්ගලයාගේ නිවෙස ඉදිරිපිට ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයකුට අයත් කුඹුරක් තිබෙන බවත්, එම කුඹුරේ හිමිකරු රාජාංගණය ප්‍රදේශයට පැමිණි විට නවාතැන් ගන්නේ මියගිය පුද්ගලයාගේ නිවෙසේ බවත් පොලිසිය සඳහන් කරයි.

ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයා ඉකුත් 14 වැනිදා රාජාංගණයට පැමිණ කුඹුර ඉදිරිපිට පිහිටි මිතුරාගේ නිවෙසේ නවාතැන් ගැනීමට පැමිණ තිබේ. නිවෙසට පැමිණෙන විට නිවෙසේ ඉදිරිපස ‍ෙදාර විවෘත කර තිබූ නිසා ඔහු නිවෙසට ඇතුළු වී මිතුරා සිටින්නේදැයි විපරම් කර බැලුවත් ඔහු නොසිටි අතර මුලුතැන්ගෙය දෙසින් අධික දුර්ගන්ධයක් හැමීම හේතුවෙන් ඔහු මුළුතැන්ගෙය දෙසට ගොස් බලද්දී පුද්ගලයකු මියගොස් සිරුර නරක් වී තිබෙන අයුරු දැක තිබේ.

ඔහු වහාම මේ පිළිබඳ රාජාංගණය පොලිසියට දුරකතන ඇමතුමක් දීමෙන් අනතුරුව රාජාංගණය පොලිසියේ නිලධාරීන් පැමිණ පරීක්‍ෂණ ආරම්භ කර ඇත. මියගිය පුද්ගලයාගේ හිසට සහ පපුවට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.

යම් මුදල් ගනුදෙනුවක් මුල්කරගෙන මේ ඝාතනය කිසියම් පුද්ගලයකු විසින් සිදුකරේද යන්න සම්බන්ධයෙන් පොලිසියට සැක පහළ වී ඇති අතර ඝාතනය සිදුකළ පුද්ගලයා නිවෙසේ කාමරයක අල්මාරියක් ඇද මුදල් හෝ රන් ආභරණ සොයා තිබෙන බවද පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා බිරිඳගෙන් 2010 වර්ෂයේ ඔක්තෝබර් මස නීත්‍යනුකූලව විවාහයෙන් වෙන්වී ඇති බවත්, ඉන් අනතුරුව විදේශ ගතවී මීට මාස දෙකකට පමණ ඉහතදී නැවැතත් රාජාංගණයට පැමිණ ඇති බවත් පොලිසිය සඳහන් කරයි. ඇය විවාහයෙන් වෙන් වීමෙන් අනතුරුව වසර ගණනාවක් සැමියා සමඟ කිසිදු සම්බන්ධයක් පවත්වා නොමැති බවද පොලිසිය අනාවරණය කරගෙන තිබේ. සිද්ධිය වූ ස්ථානයට තඹුත්තේගම වැඩ බලන මහෙස්ත්‍රාත් චන්ද්‍රසිරි රාජපක්‍ෂ මහතා පැමිණ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා මියයෑමට හේතුව අනාවරණය කරගන්නා ලෙසත් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් රාජාංගණය පොලිසියට නියෝග කළේය.

තඹුත්තේගම කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජේ. යූ. රාමවික්‍රම මහතාගේ උපදෙස් මත රාජාංගණය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර විජේකෝන් මහතා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week