-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ඇමතිවරු කිහිප දෙනෙකුටම එරෙහිව මේ දිනවල අල්ලස් හෝ දුෂණ කොමිසමට පැමිණිලි ලැබී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ.

ඒ අතරින්  මර්වින් සිල්වා, මහින්දානන්ද අලුත්ගමගේ, රෙජිනෝල්ඩ් කුරේ යන ඇමතිවරුන්  සම්බන්ධයෙන් ලැබී ඇති පෙත්සම් පිළිබඳව දැනටමත් පරීක්ෂණ ආරම්භවී ඇති අතර, මෙම ඇමතිවරු විසින් මෑතකදී අත්පත් කර ගන්නා ලද චංචල හා නිශ්චල දේපළ කවරේදැයි  සොයා බලමින් සිටියි.

මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා කොළඹ 05 පාර්ක් පාරේ තනවන ලද තෙමහල් නිවස සහ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා  බොරැල්ල කිංසි පාරේ රුපියල් මිලියන 42 කට මිලදී ගත් සුපිරි මහල් නිවාසය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්බ වී ඇත.

මෙම පෙත්සම් යොමුකර ඇත්තේ ආණ්ඩුවේ ඉහල ම නිලධාරියකු ගේ හා ඇමැතිවරයකුගේ බලපෑම් මත බවට එසේ  චෝදනා ලැබූ ඇමතිවරු සැකකරන බවද පැවසේ.

මේ අතර, දෙහි ඕවිට, බටංගල යොවුන් නිකේතනයේ පැවැති උත්සවයක් ඇමතු යෞවන කටයුතු අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා,  රජයේ හෝ ඇමතිවරුන්ගේ වැරදි ඇත්නම් ඒවා නොබියව හෙළිදරව් කර පෙන්වා දීමට  ඕනෑම අයෙකුට විවෘතව ආරාධනා කරන බව පැවසිය.

'' අපේ අයගේ වැරදි පෙන්වන්න. ආණ්ඩුවේ අය වැරදි කරනවා නම් කියන්න. මම අපේ ජනමාධ්‍ය මිත්‍රයින්ට කියන්නේ, එවැනි වැරදි හෙලිකරන්න.'' යයි ද ඇමතිවරයා පැවසිය.

- Srilanka mirror -

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos