අනුරාධපුර හල්මිල්ලකුලම ප්‍රදේශයේ දී අද අලුයම පුද්ගලයින් පස් දෙනෙකු අභිරහස් ලෙස ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය 'මව්බිමට' පැවසුවේය.
ඝාතනයට ලක්වූ 5 දෙනා අතර පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු සිටින බව පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සිද්ධියෙන් ගෘහ මූලිකයා තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති අතර තුවාල ලැබූ පුද්ගලයාගේ බිරිඳ, පුතා, දුව, බිරිඳගේ අක්කා සහ අයගේ පුතා මෙලෙස ඝාතනයට ලක්වී ඇත.
මහේස්ත්‍රාත් පරීක්ෂණ සඳහා මෘත ශරීර එම ස්ථානයේම තබා ඇති බව පොලීසිය තවදුරටත් පැවසුවේය. මෘත ශරීර වල කැපුම් කෙටුම් පහරවල් ථිබූ බවද පොලීසිය වදිදුරටත් පැවසුවේය.
අනුරාධපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.