-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඉකුත් 26 දා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත වූයේ එය මෙරට දෙවැනි අධිවේගී මාර්ගය ලෙසින් ඉතිහාසයට එක් වෙමිනි. අධිවේගී මාර්ගය විවෘත කිරීමට පැමිණි ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ පිළිගනු ලැබුවේ මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල විසිනි.
මාර්ගය විවෘත කිරීමට පීත්ත පටියක් වෙනුවට තිබුණේ මල් වැලකි. තීරු හයකින් යුත් මාර්ගය හරහා ඇද තිබූ මල් වැල කපා විවෘත කිරීම සනිටුහන් කළ ජනාධිපතිවරයා මාර්ගයේ ටික දුරක් ඇවිද ගොස් අසල තිබූ සුදු පැහැති ජීප් රථයක රියැදුරු අසුනෙහි අසුන්ගත්තේ අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා පළමු මගියා ලෙස වාහනය ධාවනය කිරීමටය. ජනාධිපති ආර්යාව ජීප් රථයේ ඉදිරිපස අසුන්ගන්නා විට ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් වාහනයේ පිටුපස අසුන්ගැනීමට සූදානම් විය. එහෙත් කලබලයෙන් එතැනට පැමිණි මර්වින් සිල්වා ඇමැතිවරයා ආරක්ෂක නිලධාරීන් පසෙකට කරමින් ජීප් රථයේ පිටුපස අසුනට පැන ගත්තේය. සීදූවේ පිහිටි අධිවේගී මාර්ගයේ පාලන මධ්‍යස්ථානය දක්වා ජනාධිපතිවරයා වාහනය ධාවනය කරන විට ඇමැතිවරයා නොයෙක් විහිළු කතා කියමින් ගමන් කළේය.
වාහනයෙන් බැස ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන්ට කීවේ කාලයකට පසු ශිරන්ති සමග වාහනයක් පැදගෙන යනකොට තමාට දැනුණේ පුදුම සතුටක් බවය. ඉස්සර අපි එයාර් ‍පෝට් එකට යනකොට අතරමගදි කොච්චර දුක් වින්දද. මම ගමේ යන විට ඩ්‍රැයිවර්ලා හරියට පාරේ යන්නේ නැති නිසා මම බෙලිඅත්ත දක්වාම වාහනය පැදගෙන ගිය අවස්ථා තියනවා. මොකක් උනත් කටුනායක හයිවේ එක අපේ කාලයේම හදලා ඉවර කරන්න ලැබුණු එක ගැන මට හරිම සතුටුයි. දැන් මිනිස්සුන්ට කොච්චර ‍ලේසිද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපති නොදත් ඇමැතිගේ උපන් දිනය
තේ පැන් සංග්‍රහයට එක්ව සිටි ප්‍රියංකර ජයරත්න ඇමැතිවරයා පෙන්වමින් නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇමැතිවරයා ජනාධිපතිවරයාට කීවේ ඇමැතිවරයා අද උපන් දින සාදයක් සංවිධානය කර ඇති බවය. මැති ඇමැතිවරුන්ගේ උපන් දිනවලදී දුරකතනයෙන් සුබපතන ජනාධිපතිවරයා තමන්ගේ ලයිස්තුවේ නැති උපන් දිනය කුමක්දැයි පුදුම වූවේය.
“මගේ උපන් දින ලයිස්තුවේ ප්‍රියංකරගේ උපන් දිනය අද කියලා නමෛයිනේ තියෙන්නේ.” ජනාධිපතිවරයා පුදුමයෙන් පැවසුවේය.
“නෑ..නෑ...සර්, මගේ උපන් දිනය පහුවුණා. අද තමයි ඒ වෙනුවෙන් පාටි එක දෙන්නේ.” ප්‍රියංකර ජයරත්න ජනාධිපතිවරයාට පැහැදිලි කළේය.
කටුනායකදී නැවත වරක් ජනාධිපතිවරයා මාර්ගය ආරම්භ වන ස්ථානයේ පයින් ඇවිද ගියේ ඇමැතිවරුන් පිරිවරාගෙනය. ඉදිරියට එන ඇමැතිවරුන්ට අවස්ථාව දුන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මන්ත්‍රීවරිය පිටුපසට ගියාය. එය දුටු බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා සුදර්ශනීගේ අතින් ඇද ඇය ඉදිරියට ගත්තේය.
“මම මේ කඩාගෙන එන අයට ඉඩ දුන්නා.” කියමින් ඇය ඉදිරියට පැමිණෙන විට “කඩාගෙන එන අය ඔහේ ආපුදෙන්. ඔයාලා පස්සට යන්න එපා.”යැයි ජනාධිපතිවරයා පැවසුවේය.
ගුවන් තොටු‍පොළ ආණමඩුවට ගෙන ගිහින්
මේ අතරවාරයේ සරත් කුමාර ගුණරත්න නියෝජ්‍ය ඇමැතිවරයා සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මන්ත්‍රීවරිය ජනාධිපතිවරයාට ඇමැතිවරයෙක් ගැන චෝදනාවක්ද කළේය. ඒ කටුනායක ගුවන්තොටුපළේ රැකියා දීම පිළිබඳවය.
“මොකද එයාර්‍පෝට් එක ආණමඩුවට අරගෙන ගිහින් කියලා කියන්නේ?” ජනාධිපතිවරයා ප්‍රියංකර ජයරත්නගෙන් විමසූ විට “නෑ...සර්, මෙයාලා ඉරිසියාවට කියන කතානේ” යැයි නිදහසට කරුණු කීවේය.
“ඉරිසියාවට නමෛයි ඇත්තටමයි කියන්නේ. කටාන ආසනේ ගුවන්තොටුපළ තිබුණට අපේ කාටවත් රස්සා ලැබෙන්නේ නෑ. මම මෙයාව අල්ලාගන්නයි හිටියේ” සුදර්ශනී කියන විට සියලුදෙනාම සිනාගන්වමින් ප්‍රියංකර ජයරත්න කීවේ තමන් අධිවේගී මාර්ගයේ දැන් ගමන් කරන නිසා තමන්ගේ වලිගයවත් අල්ලාගැනීමට නොහැකි වන බවය.

රාජපක්ෂවරුන් එක්වූ උපන් දිනය06-3කථානායක චමල් රාජපක්ෂගේ හැත්තෑ එක්වැනි උපන් දිනය යෙදී තිබුණේ ඉකුත් 30 වැනිදාය. ඒ නිමිති කොට සහෝදර සහෝදරියන් ඇතුළු රාජපක්ෂ පවු‍ලේ සියලුදෙනාම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට  පැමිණියහ. මහින්ද, බැසිල්, ගෝඨාභය, චන්ද්‍රා, පී්‍රති, ගාන්ධිනී ඇතුළු සහෝදර සහෝදරියෝ සියලුදෙනාම එහි වූහ. ඒ චමල් සමග එකට ‍පොලීසියට බැඳුණු හිටපු නියෝජ්‍ය ‍පොලිස්පති පුන්‍යා ද සිල්වා විසින් රචිත “හම්බන්තොට වතුර” නමැති කථානායකගේ චරිතාපදානය එළිදැක්වීම වෙනුවෙන්ය. කෘෂි උද්‍යානයක හැඩයට සකස් කර තිබූ කේක් ගෙඩිය කැපූ චමල්  පළමු කේක් කෑල්ල කැව්වේ ඔහුගේ බිරිඳ චන්ද්‍රාටය. චමල් සමග පනහ දශකයේ පාසල් කාලය ගත කළ ගාල්ලේ රිච්මන්ඩ් ආදි සිසුන් රැසක්ද මේ උත්සවයට පැමිණි බැවින් අතීත කතාවලින් පිරී ගිය රසවත් සිද්ධීන් ගණනාවක් මෙහිදී සිදුවිය.
මුලින්ම ජනාධිපතිවරයා ‍පොල්තෙල් පහන දැල්වීමෙන් පසුව අනෙක් අමුත්තන්ට ‍පොල්තෙල් පහන අසලට ළංවීමට ඉඩ දෙමින් මදක් පසෙකට වුණේය. ෆීලික්ස් පෙරේරා ඇමැතිවරයා හා ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා වෙත පැමිණි ජනාධිපතිවරයා “ඔන්න දැන් අපි ජෝන්ලට යන්න හයි වේ එකත් හදලා දුන්නා.” යැයි කීවේය. ජෝන් අමරතුංග ජනාධිපතිවරයාට ස්තුති කළේ එම අධිවේගී මාර්ගය විවෘත කිරීම අගය කරමිනි.

රනිල්ගේ හීන්සැරය
උත්සව සභාව අමතමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කළ කතාව කාගේත් කතාබහට ලක්විය. විටෙක හාස්‍ය හා උපහාසය මුසුකරමින් ද එංගලන්තයේ කථානායකවරුන්ගේ ඉතිහාසයද ගෙන හැර දක්වමින් ගැඹුරු කතාවක් කළ ඔහු චමල් රාජපක්ෂට හොඳ චරිත සහතිකයක්ද දුන්නේය. “කථානායකවරයාගේ දේශපාලන ගමන රාත්‍රියේදී  පරිස්සමින් ගිය ගමනක් වගෙයි. බොහෝම ප්‍රවේසමෙන් ඔහු ඒ ගමන ගියා. ඒත් දැන් බොහෝ දෙනා වේගවත් දේශපාලන ගමන් යෑමට උත්සාහ කරනවා.” රනිල් කියන විට සියල්ලන් සිනා සෙමින් ඇස් යොමු කළේ සභාවේ සිටි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා දෙසටය. ඒ කතාව සජිත් ඉලක්ක කරගත් ප්‍රහාරයක්යැයි තැනින් තැන කතාවන්නට විය.
එතැනින් නොනැවතී රනිල් “තවත් දේශපාලනඥයින් මතභේදවලින් ඉදිරියට යන්න හදනවා.” යැයි කියන විට ජනාධිපතිවරයා ද සිනාසුනේය. ඒ දෙස බැලූ රනිල් “ඔන්න මන් දන්නේ නෑ.. ජනාධිපතිතුමත් හිනාවෙනවා” යැයි කීවේය.
චමල්ගේ පවුල් සම්බන්ධතා දෙස බලන විට ඔහු කථානායක ධුරයට පත්වන අවස්ථාවේදී සිය ධුරයේ කටයුතු නිසි ආකාරයෙන් කරගෙන යා  හැකි දැයි යන්න පිළිබඳ සැක සංකා මතුවුවත් ඔහු එම කටයුතු මනාව ඉදිරියට ගෙන යන ආකාරය රනිල් පැහැදිලි කළේ අපූරු උපමාවක්ද ගෙනහැර දක්වමිනි. චමල්ගේ ගමන කුඩා රාවණා සහ මහ රාවණා ගල් අතර දිය රැළි මත බෝට්ටුවක් ගෙන යන ගමනක් යැයි ඔහු සමාන කළේය. ඒ චරිත සහතිකය දෙන අතරම එක්සත් ජාතික පක්ෂය හා මැදමුලන අතර පැවති සම්බන්ධතාවන්ද සිහිපත් කළේය.
“ජේ.ආර්., ඩී.එස්., ජෝන් කොතලාවල, සී.ඒ. ධර්මපාල වැනි එක්සත් ජාතික පක්ෂයේ නායකයින් මැදමුලනට ඇවිත් කාලා බිලා යන අතීතයක් තිබුණා. රාජපක්ෂවරු දේශපාලනය පටන් ගත්තේ එජාපයෙන් එහෙම නැතිනම් සම සමාජ පක්ෂයෙන් ඒත් ඒ දේශපාලනය ගැන මේ ‍පොතේ සඳහන් වෙන්නේ නැහැ. ‍පොත ලියලා තියෙන්නේ බුද්ධි නිලධාරියෙක් නිසා තෝරා බේරාගෙන මේ ‍පොත ලියලා තියෙනවා.” රනිල් කීවේ සියල්ලෝම සිනහ ගන්වමිණි. ඔහුගේ දේශනය ඇසූ බොහෝ දෙනා පැවසුවේ රනිල්ට හොඳ ඔළුවක් ඇතත් පුටුවේ වාඩිවීමට තරම් පිනක් නොමැති බවය.
ඉන්පසුව කතාකළේ සභානායක නිමල් සිරිපාල ද සිල්වාය. ‍පොලිස් නිලධාරියෙක් ලෙස චමල්ගේ රාජකාරි අතීතය සිහිපත් කළ ඔහු බදුල්‍ලේ මැතිවරණය පැවති සමයේ චමල් ‍පොලිස් නිලධාරියෙක් ලෙස කටයුතු කළ ආකාරය සිහිපත් කළේය.
“එක්සත් ජාතික පක්ෂයෙන් බදුල්‍ලේ ඡන්ද රාජකාරි සඳහා පැමිණියේ සිරිල් මැතිව්. ඩී.ඒ. රාජපක්ෂගේ පුතා එක්ක සාධාරණ මැතිවරණයක් කරන්නේ කොහොමද කියලා ඔහු ප්‍රශ්න කළා. ඒත් මැතිවරණය අවසන් වන විට ඔහු තමන්ගේ මතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන සිටියා.” යැයි කීවේය. ඉන්පසුව ජනාධිපතිවරයා දෙස බලා “‍පොලිස්කාරයෝ එක්ක ඡන්දෙ කරන්න බෑ කියලා අපේ අයත් කියනවානේ. ජනාධිපතිතුමනි”  යැයි කීවේය.
මුල්කිරිගල මැතිවරණයෙන් නිරූපමා රාජපක්ෂ පරාජයට පත්ව ඉදිරිපත් කළ ඡන්ද පෙත්සමින් පසුව පැවති අතුරු මැතිවරණයට ඉදිරිපත්වූයේ චමල්ය. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ පැරණි ටයිප් රයිටරයෙන් එම ඡන්ද පෙත්සම ටයිප් කර ඉදිරිපත් කළ ආකාරයද ඔහු සිහිපත් කළේය.
“චමල් අතුරු මැතිවරණයට ඉදිරිපත් වුවත් පරාජයට පත්වුණා. නැවතත් ඡන්ද පෙත්සමක් දාමු කියලා කිව්වත්, චමල් අයියා තමන්ගේ විරුද්ධවාදියා වූ ආනන්ද කුලරත්න හමුවී ඡන්දයක් තිබුණානම් මම දිනනවා. ඒත් යුද්ධයක් තිබුණ නිසා ඔබ දිනුවා කියලා ප්‍රතිවාදියාට සුබ පතලා ආවා” චමල් අයියා ඒ වගේ චරිතයක් ඔහු කීවේය.

සරත් වීරසේකර වයස හංගයි
සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේගේ පනස් තුන්වැනි උපන්දිනය යෙදී තිබුණේ පසුගිය 29 වැනිදාය. එදින උදෑසනම ජනාධිපතිවරයා ඇයට සුබ පතමින් උපන්දින උත්සවයක් ඇත්දැයි විමසුවේය. “දැන් අපි ඉන්නේ උපන් දින සමරන කා‍ලේ නොවෙයිනේ සර්. උපන් දින එනවා කියන්නේ වයසට යනවා කියන එකනේ.” කියූ විට ජනාධිපතිවරයාද එය පිළිගත්තේය. සුදර්ශනීගේ දේශපාලන කටයුතු පිළිබඳව මෙන්ම ජෙයරාජ්ගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු ගැනත් විමසූ ජනාධිපතිවරයා දුරකතනය තැබුවේ දරුවන් දෙදෙනාත් මතක් කළා යැයි කියමිනි.
මේ අතර නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකරගේ උපන් දිනය යෙදී තිබුණේද එදිනටමය. ඔහුද දුරකතනයෙන් සුදර්ශනීට සුබපැතුවේය. සුදර්ශනී නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් වයස කීයදැයි ඇසූ විට ප්‍රශ්නයකින් පිළිතුරු දුන් නියෝජ්‍ය ඇමැතිවරයා ඇගේ වයස විමසුවේය.
“මට නම් දැන් 53යි. ඇයි වයස කියන්නේ නැත්තේ ලැජ්ජ නිසාද” සුදර්ශනී විමසන විට සරත් වීරසේකර මහ හ¾ඩින් සිනාසුනේය.
“වයස හංගන්නේ කාන්තාවන් කියලයි අපි හිතාගෙන හිටියේ. ඒත් දැන් මන්ත්‍රීවරුත් වයස හංගනවානේ.”සුර්ශනී කීවාය.
කැබිනෙට්ටුවට කැසිනෝ නෑ
බ්‍රහස්පතින්දා උදෑසන පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ටත් ආරාධනා කර තිබුණත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට එයට සහභාගිවීමට නොහැකි විය. ඒ අසනීප තත්ත්වයක් නිසා ඔහු රෝහල් ගතකිරීම නිසාය. කැබිනට් මණ්ඩලය ආරම්භ කිරීමට පෙරම කැසිනෝ පිළිබඳව පාඨලී චම්පික රණවක ඇමැතිවරයා විසින් සකස් කර තිබූ වාර්තාවක් සියලුම ඇමතිවරුන්ට බෙදාදී තිබුණේය. නව ගැසට් නිවේදනය හරහා දැනට බදු ගෙවමින් යන කැසිනෝ හල් දෙකකට බදු සහන ලැබෙන බවත් මේ නිසා මෙම ගැසට් පත්‍රය ඉදිරිපත් නොකළ යුතු බව දීර්ඝ විස්තරයක් සහිතව ඉදිරිපත් කර තිබුණි. එහෙත් එම ගැසට් නිවේදනයට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වූවේ නැත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පැවතියේ බ්‍රහස්පතින්දා රාත්‍රියේදීය. උතුරු පළාත තුළ දේශපාලන ක්‍රියාකාරකම් වේගවත් කිරීමට මෙහිදී තීරණය වූ අතර දෙසැම්බර් 31 වැනිදා වන විට උතුරු පළාතේ සියලුම ආසන සංවිධායකවරුන් පත් කර අවසන් කිරීමටද තීරණය විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ නිලධාරීන් අතර තවත් රහස් සාකච්ඡාවක් පැවැත්විණි. ජනාධිපතිවරයා, මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම යන ඇමැතිවරුන් හැරුණු විට මෙයට එක්වූයේ පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් හා ‍‍‍ජ්‍යෙෂ්ඨ උප ‍ලේකම්වරුන් පමණි. ජනාධිපතිවරයා එහිදී ලබන වසරේ මැතිවරණ පැවැත්වෙන ආකාරය ගැන තීරණාත්මක ප්‍රකාශයක් කළේය. 2014 වන විට පළාත් සභා මැතිවරණ පවත්වා අවසන් කර ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව ඔහු පැවසුවේය. කුමන බාධක පැමිණියත් එම බාධක ජයගැනීමට සියලුම සංවිධාන ශක්තිය යෙදවිය යුතු යැයි ජනාධිපතිවරයා මෙහිදී පක්ෂයේ
‍‍‍ජ්‍යෙෂ්ඨයින්ට කීවේය.

වික්‍රමබාහු සිරිකොතට පැමිණීමේ සූදානමක්
එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ නුගේගොඩ නාලන්දාරාමයේදී හමුවූයේ ඉදිරියේදී ක්‍රියාත්මක විරෝධතා ව්‍යාපාර පිළිබඳ සාකච්ඡා කිරීමටය. ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විය යුතුය යන්න වික්‍රමබාහු කරුණාරත්නගේ අදහස විය. එහෙත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට ස්ථානයක් සොයාගැනීම ගැටලුකාරී බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ මහ ‍ලේකම් තිස්ස අත්තනායකය.
“මාකස් ප්‍රනාන්දු මාවතේ තිබෙන එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය කාර්යාලය දැන් අලුත්වැඩියා කරනවා. ලංකා වතු කම්කරු ශාලාවත් අලුත්වැඩියා කරනවා. සිරිකොත විතරයි ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විය හැකි තැනකට තියෙන්නේ. සිරිකොතට එන්න කැමතිද?” තිස්ස ඇසුවේය.
“අ‍පෝ කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට වඩා වාමාංශික අය එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ඉන්නවානේ.” සිරිකොතට පැමිණීමට කැමැත්ත දෙමින් වික්‍රමබාහු කීවේය.
රනිල්-කරු-සජිත් හමුව06-2එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය විසඳාගැනීම සඳහා රනිල්-කරු-සජිත් සාකච්ඡාව පසුගිය සිකුරාදා පැවැත්වුණේය. ජාවත්තේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී එම සාකච්ඡාවන් ආරම්භවූයේ පස්වරු තුනටය. දීර්ඝ වේලාවක් තිස්සේ එම සාකච්ඡාවන් පැවති අතර නායකත්ව මණ්ඩලය පිළිබඳ තීරණාත්මක අදහස් හුවමාරු විය. එම සාකච්ඡාවන් පැවතියේ මෙම නායකත්ව මණ්ඩලය පිළිබඳ අවසන් තීරණයක් ගත යුතු යැයි විවිධ පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ලවෙමින් තිබෙන අවස්ථාවකදීය.
කරු ජයසූරිය මෙම සාකච්ඡාවට ගියේ තමන්ගේ පාර්ශ්වයෙන් නායකත්ව මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ කවුරුන්දැයි යන්න පිළිබඳ පෙර සූදානමක් ඇතිවය. කරුණාසේන කොඩිතුවක්කු හා ඉමිටියාස් බාකීර් මාකර්ගේ නම් ඒ සඳහා සුදුසුයැයි ඔහුගේ ස්ථාවරය විය. නායකත්ව මණ්ඩයට මංගල සමරවීරගේ නම යෝජනාවුවහොත් එයට විරුද්ධවීමට ඔවුන්ගේ සූදානමක් විය.
මේ සාකච්ඡාවලදී ගනු ලබන තීරණ ලබන සඳුදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒ පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණයකට පැමිණීමට නියමිතය.
එක්සත් භික්ෂු පෙරමුණ - රනිල් රහස් හමුව
එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කර නායකත්ව මණ්ඩලයක් පත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ එක්සත් භික්ෂු පෙරමුණේ බෝපිටියේ ධම්මිස්සර හිමියන් පසුගියදා රනිල් හමුවූයේ රනිල්ගේ ආරාධනාවකට අනුවය. ඒ කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටි රනිල්ගේ නිවසේය. එක්සත් භික්ෂු පෙරමුණේ සභාපති ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් හෝ වෙනත් කිසිවෙක්ටවත් නොදන්වා මේ හමුව පවත්වා ඇත.
මේ අතර එක්සත් භික්ෂු පෙරමුණේ ජාතික සංවිධායක උලපනේ සුමංගල හිමියන්ද රනිල් වික්‍රමසිංහ සමග එක්වීමට සූදානමින් සිටින බවට රනිල් විරෝධී පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල විය.
කරු කෘත්‍යාධිකාරී මණ්ඩලයට
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකධුරය අහිමිවීමෙන් පසුව කරු ජයසූරියට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයද අහිමි විය. ඉන්පසුව නැවත වරක් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ගන්නා ලෙස ඔහුට ආරාධනා ලැබි ඇතත් ඔහු එම ආරාධනාවන් පිළිගත්තේ නැත. මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය නැවත ලබාගත යුතු බව පවසමින් එක්සත් භික්ෂු පෙරමුණ කරුට ලිපියක් එවනු ලැබුවේ පසුගිය සතියේදීය. ඒ අනුව ලබන 4 වැනිදා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට එක්වීමටද කරු සූදානමින් සිටී.
හිටපු කථානායකවරයෙකු, එජාපයේ  ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු හා ආණ්ඩුකාරවරයෙකු වූ අල්හාජ් බාකීර් මාකර්ගේ චරිතාපදානය “වෙද ගෙදර විප්ලවය”  යන නමින් දොරටවැඩීමේ උත්සවය පැවැත්වුණේ පදනම් ආයතනයේදීය. සභානායක නිමල් සිරිපාලද සිල්වා ප්‍රධාන දේශනය පැවැත්වූ මේ උත්සවයට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයින් එක්ව සිටියේ පක්ෂ භේදයකින් තොරවය. රොනී ද මැල්, කරු ජයසූරිය, ඉමිටියාස් බාකීර් මාකර්, තිස්ස අත්තනායක ඉදිරිපෙළේ එකට අසුන්ගෙන සිටියහ. එහෙත් පැය දෙකක් පමණ එකළඟ අසුන්වල අසුන්ගෙන සිටියත් තිස්ස හා සජිත් මුහුණට මුහුණදී කතා කළේ නැත.
සජිත්, කරු, ඉමිටියාස් අතර විවිධ අදහස් මෙහිදී හුවමාරුවූ අතර ඉමිටියාස් සජිත්ගෙන් ඇසුවේ “මොකද සජිත් සාකච්ඡාවල අලුත්ම තත්ත්වය” කියාය.
“මහත්මා ගුණයෙන්, සුහදශීලීව මෙම සාකච්ඡා කරගෙන යනවා. මේ සාකච්ඡාවලින් ලබන අත්දැකීම්වලින් ඇතිවන පරිණත බුද්ධියෙන් අන්තර්ජාතික මට්ටමේ සාකච්ඡාවලට යන්න වුණත් අපි සුදුසුකම් ලබනවා.” සජිත් කීවේය.

කෝටි එකහමාරේ වෙබ්  අඩවියක්
ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව රැස්වූයේ පසුගිය බදාදා රාත්‍රියේදීය. පැවැත්වීමට යන ඉල් මහ විරු සමරුව පිළිබඳව මෙන්ම ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ගැනත් මෙහිදී කතාබහට ලක්විය.
“‍පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ ප්‍රචාරක කටයුතුවලට ආණ්ඩුව කෝටි ගාණක් වැය කරනවා. වියදම් ගැන කිසිම ඇස්තමේන්තුවක් නැහැ. පාර්ලිමේන්තුවට වගකියන්නේත් නැහැ. රුපියල් දස දහසකින් හදාගන්න පුළුවන් වබේ අඩවිය හදන්න විතරක් ලක්ෂ එකසියපනහක් වෙන් කර තිබෙනවා.” සුනිල් හඳුන්නෙත්ති කියන විට පුද්ගලික විශ්ව විද්‍යාල දෙසට කතාව ඇදගෙන ගියේ නලින්ද ජයතිස්සය.
“ආණ්ඩුව චාල්ස් කුමාරයා අතින් පුද්ගලික විශ්ව විද්‍යාලයකට මුල්ගල් තියන්න යනවා. ඒක සුපිරි බොරු දිසානායක පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒකට විරුද්ධව අපි වැඩ කළ නිසා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයටත් උත්තරදීමට සිදුවුණා.” නලින්ද ජයතිස්ස කීවේය.
එයට ප්‍රතිචාර දක්වමින් සෝමවංශ අමරසිංහ කීවේ ආණ්ඩුව දැන් රැජිනගේ පුතා ලවා අධ්‍යාපන කඩ ආරම්භ කිරීමට සූදානමින් සිටින බවය.
සංජය නල්ලපෙරුම 

Lakbima newspaper

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week