කොත්මලේ පලාගොල්ල ප්‍රදේශයේ කණිෂ්ඨ විදුහලක නැටුම් ගුරුවරයෙක් විසින් පිරිමි සිසුන් 15ක් අපයෝජනයට ලක්කළ බවත්, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්,වහාම සැකකරු පාසලෙන් නෙරපන ලෙසත් ඉල්ලා දෙමාපියන් සහ සිසුන් එක්ව උද්ඝෝෂණයක් ආරම්භකොට තිබේ. උද්ඝෝෂකයින් වැඩිදුරටත් පවසන්නේ පාසැලේ විදුහල්පතිනියද ඉවත්කරන ලෙසය. මේ සිදුවීමට සම්බන්ධයැයි සැකකෙරෙන නැටුම් ගුරුවරයා මේවනවිට ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇති අතර ළමා රක්ෂණ අධිකාරියේ නිළධාරීන් පැමිණ අපයෝජනයට ලක්වූ සිසුන් දෙදෙනෙකුගෙන් කටඋත්තර ලබාගෙන ඇත. මේ සිදුවීම පිළිබඳව කොත්මලේ කලාප අධ්‍යක්ෂවරියගෙන් විමසූ අතර ඇය පැවසුවේ මේවනවිට අදාල පරීක්ෂණ සිදුකෙරෙන බවත්,එතෙක් වැඩි විස්තරයක් කිව නොහැකි බවත්ය.මේ අතර අප විදුහලේ විදුහල්පතිනියගෙන් මෙම සිදුවීම පිළිබඳව විමසූ අතර ඇය පැවසුවේ තමන් පාසැලේ කටයුතු නිසිපරිදි ඉටුකළ බවත් මෙම සිදුවීම වී ඇත්තේ අදාල ගුරුවරයාගේ නිවසේදී බවට තොරතුරු ලැබී ඇති බවත්ය.මේවනවිට උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට කොත්මලේ පොලිසියේ නිළධාරීන් මෙන්ම කලාප අධ්‍යක්ෂවරියයද පැමිණ ඇතැයි පැවසේ.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media