-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තමන් මිනිසුන් මැරීම සඳහා ඉතා දක්ෂ බව වත්මන් ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් 2012 ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ සිය සමීපතමයන්ට පවසා ඇතැයි වාර්තා වේ.

මාක් හැල්පරින් සහ ජොන් හලෙයිමාන් යන මාධ්‍යවේදීන් විසින් රචනා කර ඇති ඩබල් ඩවුන් – ගේම් චේන්ජ් 2012 කෘතියේ මේ බව සඳහන් කර තිබේ.  ඔවුන් දෙදෙනා පවසන්නේ මුස්ලිම් රටවලට එල්ල වන නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප‍්‍රහාර පිළිබඳ සාකච්ඡ කිරීමේදී ඔබාමා මේ බව පැවසූ බවයි.  මේ පිළිබඳව ධවල මන්දිරය මෙතෙක් කිසිවක් පවසා නොමැත.

ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළදී ජෝ බයිඩන් විසින් දැරු උප ජනාධිපති ධුරය සඳහා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ගෙන ඒමට ඔබාමා ආධාරකරුවන් විසින් උත්සහ දරන ලද බවට කෘතියේ වන අදහස පිළිබඳව ඩෑන් ෆෙයිෆර් පවසා ඇත්තේ එවැන්නක් ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ මතු නොවූ බවයි.

2009දී නොබෙල් සාම ත්‍යාගය හිමිකරගත් ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ යේමනය ඇතුළු රටවල් ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන යානා ප‍්‍රහාර එල්ල කිරීම ඉහළ නංවා තිබේ.  2012 දී නිව්යොක් ටයිම්සු පුවත්පත් වාර්තාවක දැක්වුනේ රහසිගත ඝාතන ලැයිස්තුවක සෑම නමක්ම ඔබාමාගේ අනුමැතිය යුතුව ක‍්‍රියාත්මක කරන බවයි.

සැක සහිත සටන්කාමීන් ඝාතනය කිරීම සඳහා තමන් ඩ්‍රෝන යානා භාවිතා කරන බව ධවල මන්දිරය පවසා තිබුණද මාධ්‍ය පවසන්නේ ඒවා විසින් සිවිල් වැසියන් විශාල ප‍්‍රමාණයක් මිය යන බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week