මේ වසරේ ගත වු කාලය තුළ අන්තර්ජාලය හා සම්බන්ධ පැමිණිලි 1,100ක් පමණ වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එහි ප්‍රකාශක රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ෆේස්බුක් වෙබ් අඩවිය හා සම්බන්ධ පැමිණිලි බවයි.
එම පැමිණිලි අතර ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධ පැමිණිලි මෙන්ම ෆේස් බුක් ගිණුම්වලට අනවසරෙන් ඇතුළුවීම් සම්බන්ධ පැමිණිලි වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.
ලැබුණු පැමිණිලිවලට අනුව අදාළ ව්‍යාජ ගිණුම් අත්හිටුවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි
මේ වසරේ ගත වු කාලය තුළ වෙබ් අඩවි වලට අනවසරෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් ලැබී ඇත්තේ ඉතා සුළු පැමිණිලි සංඛ්‍යාවක් බව ද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.