-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දෙවැනි වරට ප්‍රංශයේ පැවැති “මිස් ශ්‍රී ලංකා ඉන් ෆරාන්ස් 2013” තරගයේ කිරුළ දිනා ගැනීමට මෙලනි හේවාවසම් සමත් වූවාය.
දෙවැනි ස්ථානය දිනා ගැනීමට වර්ජිනි හේවාවසම්ද තෙවැනි ස්ථානය දිනා ගැනීමට සෙෆරා ප්‍රනාන්දු හා සිවුවන ස්ථානය හිමකර ගැනීමට අල්මා වීරසිංහ ද පස්වන ස්ථානය හිමිකර ගැනීමට ෆැන්සිද සමත්වූහ.
“මිස් ශ්‍රීලංකා ඉන් ෆරාන්ස් 2013” කිරුළට අමතරව මෙලනි හේවාවසම් “මිස් ටැලන්ට්” කිරුලටද හිමිකම් කීවාය.
“මිස් පර්සනල්ටි” සෙෆරා ප්‍රනාන්දු , “ටොප් මොඩ්ල්” අල්මා වීරසිංහ , “මිස් ෆොටෝජෙනික්’ ජුලියා තයේ “මිස් එලිගන්ස්” ශේහෙනා ප්‍රනාන්දු , “ බෙස්ට් ෆිගර්” ශනි රවීන්ද්‍රසන් සෙසු ඉසව් හි කිරුළු හිමි කරගත් හ.
මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ පැරිසියේ මීගමු සංවිධානය විසිනි.
අදාල ක්ෂේත්‍රයේ සුදුසුකම් සපිරි දොළොස්දෙනෙකුගෙන් යුත් ප්‍රංශ - ශ්‍රී ලංකා ජූරියක් මගින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ජයග්‍රාහිකාවන් තෝරා ගැනීම සිදුකර තිබිනි.
ජූරියේ මුල් පුටුව හෙබවූයේ වරක් ලෝක විවාහක රූ රැජින කිරුල හිමිකරගත් රෝසි සේනානායක විසිනි.
එසේම 2013 ප්‍රංශ රූ රැජින ද ජුරිය නියෝජනය කිරීම විශේෂ සිද්ධියකි.
තරඟකාරියන් සොළොස් දෙනෙකුගෙන් පළමු වටය සඳහා දස දෙනෙකු තෝරා ගැනිණි .
ඉන් අවසන් වටයට සුදුසුකම් ලැබුයේ පස් දෙනෙකු පමනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos