-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


එජාපයේ රටට සතුරු බෞද්ධ විරෝධි පිළිවෙත පිළිකුලින් හෙළා දකින බව ජතික හෙළ උරුමය පක්‍ෂය පවසයි.
එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත වර්ණසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
නිවේදනයේ මෙසේද දැක්වේ.
එජාප සිරිකොත එන්ජී ඕ කුලී රෙජිමේන්තුවට යට වේ..

පොදුරාජ්‍ය සමුළුවට විකල්ප සමුළුවක් එක්සත් ජාතික පක්‍ෂයත්, එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ සමගි බලවේගයත් එකතුව සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී මේ වනවිට පැවැත්වෙමින් ඇත. මෙම සමුළුවට රටට සතුරුව කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන, ඊනියා සිවිල් සංවිධාන හා කොටි හිතවාදී ආවරණ පෙරමුණු එකතු වී ඇත. යුද අපරාධ චෝදනා මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කරමින් මෙම දෙදින වැඩමුළුව හරහා ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්කිරීමටත්, මානව හිමිකම් ක්‍ෂෙත‍්‍රයේ කොටු කිරීමටත් කටයුතු කරමින් ඇත. මේ විකල්ප සමුළුව සදහා විදේශ මුදල් ගලාගෙන ආවේ කෙහෙන් ද? යන්න පිළිබදව රටට රහසක් නොවේ. කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ජාත්‍යන්තර වශයෙන් රට මුහුණ දී තිබෙන අභියෝග පක්‍ෂ, පාට භේදයෙන් තොරව අප ජයගත යුතුව ඇත. රටේ ප‍්‍රධාන විපක්‍ෂය ලෙස එක්සත් ජාතික පක්‍ෂයට, එහි නායකයාට, හා නායකත්ව මණ්ඩලයට එහි ඇති වගකීම මග හැර යා නොහැක. රට වෙනුවෙන් ඒ ජාතික වගකීමට උර දෙනවා වෙනුවට එක්සත් ජාතික පක්‍ෂයත් එහි පක්‍ෂ මූලස්ථානයත් එන්ජී ඕ කල්ලි වල හා කොටි හිතවාදීන්ගේ ග‍්‍රහණයට ගොදුරු වී ඇත.

සුදු නෙළුම් තවලම් වැඩපිළිවෙළ හරහා රට ෆෙඩරල් කර කොටි ත‍්‍රස්තවාදයට පවා දෙන්නට උත්සහ කළ මංගල සමරවීරගේ වැඩපිළිවෙළ සිරිකොත මූලස්ථානය ආක‍්‍රමණය කර ඇත. ශී‍්‍ර ලංකාවට සතුරු වූ චැනල් ෆෝ නාලිකාවේ ජොනතන් මිලර්ලා නෝ ෆයර්සෝන්, කිලින් ෆීල්ඞ් හැ¥ කැලම් මැක්රේ සිරිකොතේ අසුන් ගෙන ඇත. සුදර්ශන ගුණවර්ධනලාගේ, නිමල්කා ප‍්‍රනාන්දුලාගේ, බීටෝ ප‍්‍රනාන්දුලාගේ, පාක්‍යසොත්ති සරණමුත්තුගේ එන්ජී ඕ මාෆියාව සිරිකොත මූලස්ථානය බදුගෙන ඇත. වික‍්‍රමබාහු, සිරිතුංග, මනෝගනේෂන්, අසාද්සාලි නිදහසේ වේදිකාවේ අරක්ගත් රටට හා ජාතියට සතුරු දෙමළ ඩයස් පෝරාවෙන් යැපෙන මේ කුලී රෙජිමේන්තුව එක්සත් ජාතික පක්‍ෂයත් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයත්,  පක්‍ෂ මූලස්ථානයත් තම අණසකට ගෙන ඇත. තම පක්‍ෂයේ සාමාජිකයන්ට මාතරදී කුරුදු පොලූවලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉගැන්වූ මගංල සමරවීර කැලම් මැක්රේලාට රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතැයි වැදි බණ දෙසමින් බෞද්ධ ත‍්‍රස්තවාදය ගැන ඡුායාරූප ප‍්‍රදර්ශන පවත්වමින් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා ලෝකය ඉදිරියේ නිග‍්‍රහයට ලක්කරමින් ඇත. බෞද්ධ විරෝධයද සිරිකොත මූලස්ථානය තුළටම ගෙනවිත් ඇත.

කොටි ත‍්‍රස්තවාදීන් එක්සත් ජාතික පක්‍ෂයටත්, එහි නායකයින්ටත් කළ විනාශය අමතක වී ඇත. කොටි ත‍්‍රස්තවාදය තම පක්‍ෂයටත් රටට කළ විනාශය පෙන්වා දෙනවා වෙනුවට කරූ ජයසූරිය මැතිතුමාගේ නායකත්ව මණ්ඩලය බෞද්ධ ත‍්‍රස්තවාදයක් ගැන සිරිකොත තුළ ප‍්‍රදර්ශන පවත්වන්නට එන්ජී ඕ මාෆියාවට ඉඩ දී ඇත. රටට ජාතියට සතුරු බෞද්ධ විරෝධී මේ පිළිවෙත කුමක්දැයි කරූ ජයසූරිය මැතිතුමාගෙන් අප විමසීමට කැමැත්තෙමු. රට කොටියාට පාවා දුන් රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ අතීතය නිවැරදි කර රට වෙනුවෙන් තම යුතුකම හා වගකීම ඉටු කරනවා වෙනුවට කොටි ත‍්‍රස්තවාදීන්ගේ කුලී රෙජිමේන්තුවලට එජාප මූලස්ථානය ලබා දී ඇත. ජාත්‍යන්තරයට බොරු ප‍්‍රචාර කරන බෞද්ධ ත‍්‍රස්තවාදය ගැන එන්ජී ඕ නඩ, පක්‍ෂ මූලස්ථානයේ සිදුකරන දේ ගැන විමසීමට ගිය බොදුබල සේනාවේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන්ට අඩන්තේට්ටන් කර පහර දෙන තරමට අද එජාපය බෞද්ධ විරෝධී වී ඇත. රනිල් – කරූ නායකයන්ගෙන් හා එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගෙන් අප විමසා සිටින්නේ එජාපයේ පිළිවෙත මෙයදැයි යන්න ය. එමෙන්ම බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිරිකොත මූලස්ථානයේ දී සිදුකළ අඩන්තේට්ටන් හා පහරදීම අප පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර, කොටි ත‍්‍රස්තවාදී දෙමළ ඩයස් පෝරාවේ කුලී රෙජිමේන්තුවකට තම පක්‍ෂයත් පක්‍ෂ මූලස්ථානයත් ලබා දී සිදු කළේ නිවැරදි කළ නොහැකි මහා පාවාදීමක් බව අප අවධාරණය කරන්නෙමු. රටට ජාතියට සතුරු, බෞද්ධ විරෝධී එජාපයේ මේ පෙළගැස්මට එරෙහිව සමස්ත ජාතියම අවදි විය යුතුය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos