බඬේ දැවිල්ලකට ප‍්‍රතිකාර සඳහා වෛද්‍ය උපදේශ මත මුත‍්‍රා පරීක්‍ෂණයක් කරගැනීමට ඔහු බටහිර පළාතේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගියේ කඩිනමිනි. එහෙත් පැය ගණනකට පසුව ලද මුත‍්‍රා පරීක්ෂණ වාර්තාව රැගෙන අදාළ වෛද්‍යවරයා වෙත ගිය විට එය බැලූ වෛද්‍යවරයාගේ මුහුණ අමුතුවිය.
”හරියටම විශ්වාසද මේක ගුණසීල මහත්තයගෙ පරීක්ෂණ වාර්තාව කියල’’ ඔහු ප‍්‍රශ්න නැගීය.
‘‘ඇයි සර්’’
‘‘මේකෙ හැටියට ඔයාට බබෙක් ලැබෙන්න යන ලකුණු තියෙනවා’’ වෛද්‍යවරයා කීවෙන් ඔහුට දෙවියන් සිහිවිය. ‘‘මං හිතන්නෙ මේ වාර්තාව පටලැවිලා’’යි වෛද්‍යවරයා කීවෙන් ආපසු වෛද්‍ය මධ්‍යස්ථානයට ගියවිට අංක 38 ගුණසීලගේ වාර්තාව අංක 33 ගුණසීලි ගේ වාර්තාවට මාරුවී තිබුණලූ.