-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශුක්‍රාණු බැංකුවේ කාර්ය භාරය වන්නේ ශුක්‍රණු ගබඩා කිරීම සහ අවශ්‍ය පුද්ගලයින්ට ශුක්‍රාණු ලබා දීමයි. ශුක්‍රාණු ලබාගැනීමට බොහෝ විට අවශ්‍ය වන්නේ දරුවකු බිහි කිරීම සඳහා පිරිමියාගේ ශුක්‍රාණු වල සරු භාවයේ මඳ භාවයක් ඇති වූ විටයි.


නිරෝගී යුවලකට ගැබ් ගැනීම සඳහා 20% ක සම්භවිතාවයක් පවතී. මීට අමතරව මාස 3 ක් ඇතුලත 57% ක්ද, මස 6ක් තුල 75% ද, අවුරුදක කාලයක් ඇතුලත 90% සහ අවුරුදු 2ක් ඇතුලත 98% ක සම්භාවිතාවයක් ඇත. වසරක කාලයක් උත්සාහ කිරීමෙන් පසු දරුවකු පිළිසිඳ නොගැනීම අවධානයට ලක් විය යුතු කාරණයකි. මඳ සරු භාවය යනු දරුවන් ලබා ගැනීමට අවම වශයෙන් වසරක කාලයක් වත් උත්සාහ කලද සාර්ථක නොවීමේ අවස්ථාවයි. මඳ සරු භාවය 30% කාන්තා පර්ශවයටද, 30% පුරුෂ පාර්ශවයට වශයෙන් පවතී. මීට අමතරව 40% ක් හඳුනා නොගත් හේතු බලපායි.මිට අමතරව කාන්තාවකගේ වයසද ගැබ් ගැනීම සඳහා බලපාන සාධයකි. කාන්තාව වයස අ. 35 ට වැඩි නම් වද්‍ය උපදෙස් පැතීමට පෙර අවම වශයෙන් වසරක කාලයක් වත් දරුවකු පිළිසිඳ ගැනීමට උත්සාහ කල යුතුය.
මඳ සරු බව පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම පොදු කාරණාවක් උවත් බොහෝ විට ශ්‍රී ලංකානු සමාජය හුරු වී ඇත්තේ කාන්තාවට වරද පැටවීමටයි. පුරුෂ ශක්තිය සහ පුරුෂ භාවය යනු පිරිමියකු තුල තිබෙන ගුණාංග දෙකකි. පුරුෂ ශක්තිය යනු පිරිමියකු ලෙස පෙනුමේ සහ ක්‍රියාවේ විදහා පෑමයි. පුරුෂ භාවය යනු ගැබ් ගැනීම සිදු කිරීමට ඇති හැකියාවයි. එක් ශුක්‍ර මොචනයක්දී පිරිමියකු විසින් ශුක්‍ර තරලය 2-5 මිලිලීටර පමණ ප්‍රමාණයක් මොචනය කරන අතර ඒ තුල ශුක්‍රාණු මිලියන 20 ක් පමණ අඩන්ගු වේ. නමුත් ඇතැම් පුරුෂයන් තුල ඇති ප්‍රශ්ණ විය හැක්කේ, ශුක්‍ර තරලයේ ශුක්‍රාණු නොතිබීම හෝ ප්‍රමාණයෙන් අඩු වීම, ශුක්‍රණු වල ක්‍රියා කාරීත්වය අඩු වීම සහ ව්‍යුහමය වෙනස් කම් වේ.
සමහර පිරිමින් තුල ශුක්‍රාණු නිපදවීම සිදු නොවන අවස්ථා දැකිය හැක. එනම් උපතේ සිටම මේ තත්වය පැවතිය හැක. මීට අමතරව දුම් පානය වැනි පුරුදු නිසාද මෙම තත්වය ඇතිවිය හැක. ශුක්‍රාණු වල යම්කිසි අසාමාන්‍ය තාවයකදී බාහිර වශයෙන් සන්සේචනය කොට ගර්භාශයේ තැන්පත් කිරීම සිදු කල හැකි අතර මෙය ණල දරු තාක්ෂණය ලෙස හන්දුන්වමු. එහෙත් පිරිමින් තුල ශුක්‍රාණු නිපද නොවන අවස්ථාවකදී ශුක්‍රාණු බැංකුවක් හරහා නිරෝගී ශුක්‍රණු ලබා ගැනීමේ හැකියාව පවතී. දරුවන් නොමැති අය සඳහා ශුක්‍ර දායකයි මඟින් ගන්නා ශුක්‍රාණු ගබඩා කිරීමේ ශුක්‍රාණු බැංකුවක් ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos