මවක් තමන් විසින් බිහිකල දින 6 ක් වයසැති ලදරුවා කිඹුලන්ට කා දැමීමට නිකවැවට විසි කර මරා දැමීමට තැත් කලේ යයි ලද චෝදනා මත මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 3 ක සිර දඬුවමක් සහ රුපියල් 25000 ක දඩයක් නියම කර තිබේ.
නිකවැවට විසි කරන ලද මෙම දරුවා දියට නොවැටී පන් ගාලක රැඳී සිටියදී ඒ බව දුටු පුද්ගලයකු පොලීසියට දැන්වීමෙන් පසු පොලීසිය මැදිහත් වී දරුවාගේ ජීවිතය බේරා ගෙන ඇත.
පසුව අණාවරනය වී ඇත්තේ එම දරුවා සිය විවාහක පුරුෂයා රට රැකියාවකට ගිය පසු වෙනත් පුද්ගලයකු සමඟ පැවැත් වූ අනියම් ඇසුරකින් උපත ලද බවයි.