අතුරුදන් මැලේසියානු ගුවන් යානය සොයා දක්ෂිණ ඉන්දීය සාගරයේ මෙහෙයුම්වල නිරත චීන නෞකාවක් විසින් යම්කිසි ස්පන්දන සංඥාවක් ග්‍රහණය කර ගනු ලැබ තිබේ.
චීන බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එම සංඥාවන්හි සංඛ්‍යාතය කිලෝ හර්ට්ස් 37.5ක් බව ය.
එම සංඛ්‍යාතයන් ගුවන් යානාවල රේකෝඩර් මගින් විහිදුවනු ලබන සංඥාවක සංඛ්‍යාතයන්ට සමාන තත්ත්වයක් බව ද සඳහන් ය.
කෙසේ වෙතත් එම සංඥාව සහ අතුරුදන් මැලේසියානු ගුවන් යානය අතර සම්බන්ධයක් පවතී ද යන්න තහවුරු කර ගැනීමට තව ම ත් නිශ්චිත සාධක හමු වී නොමැත.
අතුරුදන් මැලේසියානු ගුවන් යානය සෙවීමේ දැවැන්ත මෙහෙයුම සඳහා මේ වන විට නැව් මෙන් ම ගුවන් යානා ද විශාල සංඛ්‍යාවක් යොදවා ඇත.
සෝදිසි මෙහෙයුම්වල නිරත කණ්ඩායම්වල ප්‍රධාන අරමුණ වී ඇත්තේ, දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටුණු බව පැවසෙන මැලේසියානු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනීමයි.
කෙසේ වෙතත් පසුගිය මාර්තු 8 වන දා මගීන් 239 දෙනෙකු සමග මැලේසියාවේ ක්වාලලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් සිටියදී අතුරුදන් වූ MH370 ගුවන් යානයට සිදු වූයේ කුමක් ද යන්න තව දුරට ත් අභිරහසකි.