-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මුදල් සහ වාහන දිනුම් ඇදීමකින් ජයග‍්‍රහණය ලැබ ඇති බවට ජංගම දුරකථන හරහා ව්‍යාජ දුරකථන පණිවුඩ සහ කෙටි පණිවුඩ මගින් මුදල් ගරා ගන්නා ජාවාරමක් රටපුරා ක‍්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.
සංවිධානාත්මක කණ්ඩායම් 04ක් මෙම ජාවාරම සිදු කරගෙන යන බවට පොලිසියට තොරතුරු හෙළි වී තිබේ.
මෙවැනි ඇමැතුම් සහ කෙටි පණිවුඩ මගින් කියැවෙන්නේ දුරකථන සමාගම් මගින් පවත්වනු ලබන ලොතරැයියකින් සහ දිනුම් ඇදීමකින් දුරකථන හිමිකරුවා ජයග‍්‍රාහකයා ලෙස තෝරාගෙන ඇති බවයි. ත‍්‍රිරෝද රථ, මෝටර් රථ, යතුරුපැදි සහ රුපියල් ලක්ෂ 10 ඉක්මවූ මුදල් ත්‍යාග හිමිව ඇති බව දැනුම් දී එම මුදල හෝ ත්‍යාගය ලබා ගැනීම සඳහා අත්තිකාරම් මුදලක් හෝ ලියාපදිංචි ගාස්තු ලෙස රුපියල් 40,000 සිට 60,000 ත් අතර මුදලක් බැංකු ගිණුමකට ගෙවන ලෙස හෝ දුරකථන සමාගම් හරහා පහසු ගෙවීම් ක‍්‍රමයට ගෙවන ලෙස දැනුම් දී ජාවාරම්කරුවන් විසින් මෙම ජාවාරම සිදුකරගෙන යනු ලබයි.
මේ වන විටත් මෙවැනි වංචාවන්ට හසු වූ විශාල පිරිසක් දිවයිනේ විවිධ ප‍්‍රදේශ්වල පොලිස් ස්ථාන වෙත පැමිණිලි කොට තිබේ. ජංගම දුරකථන සමාගම් කියා සිටින්නේ මෙවැනි දිනුම් ඇදීම් තම සමාගම් විසින් සිදු නොකරන බවයි.
එවැනි කෙටි පණිවුඩ හෝ දුරකථන ඇමැතුම් ලැබෙන්නේ නම් අදාළ සමාගම්වල පොදු දුරකථන අංකවලට කතා කොට ඒ බව දැනුම් දෙන ලෙස ද එම සමාගම් ඉල්ලා සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos