සීදුව 18 කණුව ප්‍රදේශයේ දිවා රාත්‍රී දෙකෙහිම විවෘතව පවතින පෞද්ගලික බැංකුවකට අද අලුයම කඩා වැදුණු කොල්ලකරුවන් පිරිසක් රුපියල් ලක්ෂ 10 යකට ආසන්න මුදලක් කොල්ල කා තිබේ.
පොලීසිය පැවසුවේ රුපියල් දහසේ නෝට්ටු 50 ක් ඇතුලත් මුදල් බණ්ඩලයක් ද ඒ අතර වන බව ය.
බැංකුවේ රාජකාරියේ යෙදී සිටි කළමනාකරුට කොල්ලකරුවන් තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලිසිය සඳහන් කළේය.
තුවාල ලැබූ කළමනාකාරවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.
කොල්ලය සදහා හිස්වැසුම් පැළැඳ යතුරු පැදිවලින් සැකකරුවන් 4 දෙනෙකු පැමිණ ඇතැයි පොලීසියට තොරතුරු ලැබී තිබේ.
පැහැර ගත් මුදල් නෝට්ටුවල අනුක්‍රමික අංක G239037451 සිට G239037500 දක්වා සඳහන් ය.
පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම මුදල් ඔබ අතට පත්වුවහොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට භාරදෙන ලෙස ය.