-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දක්ෂිණ ඉන්දීය සාගරයෙන් සොයාගත් වස්තූන් අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ සුන්‍බුන් නොවන බවට  තහවුරු වී තිබේ.
ඔස්ට්‍රේලියානු නාවික ආරක්ෂක අධිකාරිය පැවසුවේ, පසුගිය සෙනසුරාදා සොය ගත්  සුන්බුන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී ඒ බව තහවුරු වූ බව ය.
ඒවා ධීවර උපකරණ හා තව ත් විපතට පත් යාත්‍රාවකින් පා වී ආ සුන්බුන් කොටස් බවට හඳුනාගෙන ඇතැයි, ඔස්ට්‍රේලියානු නාවික ආරක්ෂක අධිකාරිය තහවුරු කළේ ය.
කෙසේ වෙතත් එම සොයා ගැනීම් පිළිබඳ නොසලකා තව දුරට ත් ඉන්දීය සාගරයේ අදාළ මුහුදු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
මේ අතර අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ කළුපෙට්ටිය සෙවීම සඳහා ඔස්ට්‍රේලියාවෙන් පිටත්කර හැරි නෞකාව අද සිය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව ඇත.
අදාළ නෞකාව එම මුහුදු ප්‍රදේශයට පිටත්ව ගියේ ඒ සඳහා වන විශේෂ උපකරණ ද සමගිනි.
‍මේ අතර මැලේසියානු ගුවන්යානය සෙවීමේ මෙහෙයුම් නොකඩවා ක්‍රියාත්මක බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබර්ට් පවසයි.
ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, යානය සෙවීමේ මෙහෙයුම් තව දුරට ත් පුළුල් කරන බව ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos