“මගේ කෙල්ල එක්ක කතා කළොත් මරා දමන” බව කියමින් පාසල් සිසුවෙකු පැහැර ගෙන අමානුෂික වධ බන්ධනයන්ට ලක්කර පහර දුන් බව කියන තරුණයන් තිදෙනෙකු මේ මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශයට අධිකරණයට කියා සිටියේ උපේක්ෂා මාවත අනුරාධපුර ලිපිනයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකු පැහැරගෙන ගොස් අනුරාධපුර ගම්සභා හන්දිය ගල්වල ප්‍රදේශයේ දී වධබන්ධනයන්ට ලක්කර පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි.
පහර කෑමට ලක් වූ සිසුවා අනුරාධපුර නගරයේ උපකාරක පංතියකට ගොස් සිටි අවස්ථාවේ නිල් පැහැති ත්‍රීරෝද රථයෙන් සැකකරුවන් පැමිණි සිසුවා රැගෙන ගොස් පහරදීම සිදුකර තිබේ.