රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් (Vladimir Putin) කාන්තා යට ඇඳුමකින් සැරසී සිටින චිත්‍රයක් ප්‍රදර්ශනයට තබා තිබූ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ කළා භවනේ අධ්‍යක්ෂවරිය වන ටට්යානා ටිටෝවාව ( Tatyana Titova) පොලීසිය විසින් ප්‍රශ්න කොට ඇත.
ඊයේ අලුයම හතරට පමණ තමාව පොලීසියට ගෙන ගොස් කිසිදු හේතුවක් නොදක්වා පැය තුනක් රඳවා ගෙන සිටි බව ඇය ප්‍රකාශ කළාය.
ඉකුත් සතියේදී රුසියානු පොලීසිය විසින් කළා භවන වටලා එහි තිබූ රුසියානු දේශපාලකයන් හාස්‍යයට ලක් කෙරෙන චිත්‍ර හතරක් අත් අඩංගුවට ගන්නා ලදී. මේවනවිට කළා භවන පොලීසිය විසින් සීල් තබා ඇත.
මේවනවිට චිත්‍ර ශිල්පී කොස්ටන්ටීන් අල්ටුනින් (Konstantin Altunin) රටින් පලා ගොස් ප්‍රංශයේ දේශපාලන රැකවරණ පතා සිටියි.
-බිබිසි සංදේශය