සේමිණි කියන්නේ රූමත් ගැහැනු ප්‍රාණයක්. ඕන ප්‍රාණයක් ශරීර කූඩුවෙන් ගියාම අන්තිමේදි මළකඳක් බවට පත්වෙනවා. ඒත් ඉතින් ප්‍රාණය තියෙද්දි මළකඳන් වගේ ඉන්න ඈයොත් ඉන්නවා. සේමිණී ගැන කියන්න වෙන්නෙත් ඒ වගේ කතාවක්. ඒත් ටිකක් වෙනස්. සේමිණී මළකඳක් වෙලා චිත්‍රපටයකට පණ පොවනවා..
මේ චිත්‍රපටය ප්‍රසන්න ජයකොඩි අලුත්ම එක.
‘සංකාරා’, ‘කර්ම’, චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් සම්මාන දිනු ප්‍රසන්නගේ නවතම චිත්‍රපට අධ්‍යක්ෂණය වන්නේ ‘28 ශ්‍රි’ චිත්‍රපටයයි. මෙහි ප්‍රධාන චරිත සඳහා පණපොවන්නේ සේමිණි ඉද්දමල්ගොඩ සමඟ මහේන්ද්‍ර පෙරේරායි.
මෙහිදී ‘සේමිණී’ රඟ දක්වන්නේ සිනමාවේ මෙතෙක් කිසිදු නිළියකට රඟපෑමට අවස්ථාවක් නොලද සුවිශේෂී චරිතයක්. චිත්‍රපටයේ මුල සිට අග දක්වාම සේමිණි ‘මළමිනියක්'. ඒ ගැන සේමිණි අදහස් දැක්වූයේ මේ විදිහට.
“මේ චරිතය මට අභියෝගයක්. ආසාවෙන් මම රඟපාන චරිතයක්. ඒ වගේම මට මතකයි මම මිචෙල් ෆොන්සේකාගේ ‘නෙතු පියෙනතුරා’ ටෙලි නාට්‍යයට හිස මුඩු කරමින් චරිත නිරූපණය කළා. මෙය ඉන් පසුව රැල්ලක් බවට පත්වුණා. මම මේ චිත්‍රපටයේ රඟ දක්වන මියගිය චරිතයක් මේ ආකාරයට රැල්ලක් වේවි ද කියන්න බැහැ. කොහොම වුණත් ප්‍රේක්ෂකයන් හට මේ චරිතය අලුත්ම අත්දැකීමක් වේවි.