මොල්ලිගොඩ ප‍්‍රවචනෝදය පිරිවෙන් විහාරස්ථානයේ නව භික්ෂු නේවාසිකාගාරයට හා පුස්තකාලයට මුල්ගල තැබීම හා විහාරස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඉකුත් දා සිදුවිය.
මෙහිදී උත්සව සභාව ඇමතූ ආරක්ෂක ලේකම්වරයා මෙසේ කීය.
‘අපේ බෞද්ධයා ගැන ලෝකය පුරා වැරදි මත යවනවා. වෙබ් අඩවි හරහා මේ දේවල් සිදුවෙනවා. වසර 30 ක් තිස්සේ වැරදි මත වෙනස් කිරීමට වැදගත් වෙනවා. අද තරුණ පරපුර බුදු දහම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනනවා. බුදුදහම ඉගෙනුමට ජනතාව පෙළඹිලා තියෙනවා’
කෝට්ටේ කල්‍යා ර්‍ණ සාමශ්‍රී සංඝ සභාවේ අනුනායක ඉත්තෑපාතේ ධම්මාලාංකාර ස්වාමීන් වහන්සේ මෙම උත්සව සභාවේ මුලසුන හෙඹවූහ.