-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පසුගියදා පැවති හැව්ලොක් ෂත් සාමාජීය රග්බි තරගාවලියේදී විනිසුරුවරයෙකුට පහර  දුන්නේ යැයි චෝදනා ලැබූ නාවික හමුදා ක‍්‍රීඩකයන් වන රෝහිත රාජපක්ෂ හා චූලා සුසන්තගෙන් නිදහසට කරුණු විමසීමටත් සිද්ධිය සම්බන්ධයෙන් කැදවා තිබෙන විනය පරීක්ෂණය අවසන් වනතුරු ඔවුන්ට එරෙහිව තාවකාලික තරග තහනමක් පැනවීමටත් විශේෂ  විමර්ශන කමිටුව  තීරණය කර තිබේ.

පොලිස් කණ්ඩායම හා නාවික හමුදා කණ්ඩායම අතර පැවති තරගයේදී විනිසුරු දිමිත‍්‍රි ගුණසේකරට පහර දුන්නේ යැයි මෙම ක‍්‍රීඩකයින් දෙදෙනාට චෝදනා නැගී ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් කිරීමට වෛද්‍ය මයියා ගුණසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුවෙන් ඒ මහතා ඉල්ලා අස්විය.

අනතුරුව විශේෂ කමිටුවේ සභාපති තනතුරට ඉබ‍්‍රහීම් හමීඞ් මහතා පත් කෙරිණ. ත‍්‍රිපුද්ගල විමර්ශන කමිටුව ඊයේ රැස්වු අතර එම රැස්වීමට රග්බි සංගමයේ සභාපතිවරයා හා ලේකම්වරයාද සහභාගී වූ බව වාර්තා වේ.
චෝදනාලාභී ක‍්‍රීඩකයන්ට සතියක් ඇතුළත්දී සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙස නියම කර තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos