ලබන 28 වන දින විවෘත කිරීමට නියමිත කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයට හොරෙන් ඇතුළු වී එහි අලංකාරයට වවා තිබූ වටිනා මල් පැළ ගලවා හානි සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ වරද පිළිගත් අයෙකු රු.5000ක මුදල් ඇප හා ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැරීමට මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර අත.
අධිවේගී මාර්ගයේ දඩුගම පාලම ප‍්‍රදේශයේ දී මාර්ගයේ අලංකාරයට වවා තිබූ මල් පැළ ගලවාගෙන පොලිතින් බෑගයක දමාගෙන යමින් සිටියදී මාර්ගයේ ආරක්‍ෂාව යොදවා සිටි පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.