-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දෙමල සහ මුස්ලිම් ජනතා එක්ව කටයුතු කිරීම කාලීන උවමනාවක් බවට පත්ව ඇතැයි උතුරු පළාත් නව මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

යාපනය ඉස්ලාම් පල්ලියක පැවති උත්සව සබාවත් අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේ යයි දෙමල පුවත්පත් වාර්තා කරයි.

අවාසනාවන්ත ලෙස උතුර සහ නැගෙනහිර වෙන්ව පවතින නිසා නැගෙනහිර මුස්ලිම් වරුන්ට තමන්ගේ මුස්ලිම් දේශය අහිමි වී ඇතැයිද ඒ මහතා සඳහන් කරයි. එබැවින් ඉදිරියේදී උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්දව කටයුතු කිරීම සඳහා වැඩපිළිවෙලක් සැකසිය යුතු යයිද ප‍්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත.

චෙල්වනාගම් සිට සම්බන්ධන් දක්වා සියළු දෙමළ නායකයන් මෙරට මුස්ලිම් ජන අවශ්‍යතා වෙනුවන් පෙනී සිට ඇති බවත්  මෙවරද උතුරු පළාතේ මන්ත‍්‍රී ධුරයක් මුස්ලිම් ජාතිකයෙකුට ලබා දුන්නේ එම සහයෝගීතාවය නිසාද බවද විග්නේෂ්වරන් මහතා කියයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවා මෙරට මුස්ලිම් ජනයාගේ අයිතීන් පිළිබඳව කතා කිරීම විශේෂ තත්වයක් යයිද ඔහු වැඩි දුරටත් එහිදී සඳහන් කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week