බලංගොඩ කූරගල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් පවතින කැණීම්වලදී වසර දහස් ගණනක් පැරණි මානව අස්ථි කිහිපයක් හමු වී තිබේ.
කූරගල ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් ආසියාවේ විශාලම මානව ජනාවාසයකි. මීට දින කිහිපයකට පෙර මෙම භූමියෙන් බලංගොඩ මානවයාගේ ඇටසැකිල්ලක් බවට ස්ථිර වශයෙන්ම පැවසිය හැකි මානව ඇටසැකිල්ලක අතක් මතු වී තිබිණි. එම ඇටසැකිල්ල සම්පූර්ණයෙන්ම මතු කර ගැනීම සඳහා කැණීම් සිදු කරන විට මෙම මානව අස්ථි කොටස් හමු වී ඇත. එම ඇටසැකිල්ලට වඩා අලූතේන හමු වූ අස්ථි කොටස වඩාත් පැරණි බව පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ආචා්රය නිමල් පෙරේරා මහතා පැවසීය.