-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වසර ගණනාවක ජනතා විරෝධතාවලින් අනතුරුව උතුරු ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ පිහිටුවා තිබනු කොකාකෝලා කම්හලක් වසා දැමීමට ඉන්දීය බලධාරීන් විසින් නියෝග කර තිබේ.

වාරානාසිහි මෙහ්දිගන්ජි කම්හල මෙසේ වසා දමා ඇති අතර අවසර ලද මට්ටමට වඩා භූගත ජලය ලබාගැනීම සහ රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීම කොකාකෝලා සමාගමට එරෙහිව එල්ලවූ චෝදනාවයි.

කෘෂිකර්මාන්තය සඳහා ජලය හිගවීමෙන් පීඩා විඳින වාරානාසිහි ගොවියන් අවස්ථා ගණනාවක දරුණු විරෝධතා පවත්වමින් සමාගම වසා දමන ලෙස බල කළ අතර 2006දී තෙමසක් පුරා පැවති විරෝධතා මාරාන්තික උපවාසයක් දක්වා වර්ධනය විය.

උත්තර් ප‍්‍රදේශ් පරිසර දුෂණ පාලන මණ්ඩලයේ ලේකම් ජේ.එස් යාදව් පවසා ඇත්තේ කම්හල විසින් නීතිවිරෝධී ලෙස ලබාගත් ජලයේ වටිනාකම මෙන් දෙගුණයක් වන්දි ගෙවන ලෙස නියෝග කර ඇති බවයි.

ප‍්‍රාදේශීය ක‍්‍රියාකාරික නන්දලාල් මාස්ටර් පවසා ඇත්තේ මෙය ජනතාව ලබාගත් දැවැන්ත ජයග‍්‍රහණයක් බවයි.

විශාල ශක්තිමත් ව්‍යාපාර වලට එරෙහිව ජනතාවට නැගී සිටිය හැකි බවට මෙය මනා නිදසුනක් බවද ඔහු පවසා තිබේ.

ඉන්දියාවේ හින්දුස්ථාන් කොකාකෝලා සමාගම පවසා ඇත්තේ ජල පරිහරණය පිළිබඳ චෝදනා සහමුලින්ම අසත්‍ය බවයි. ඔවුන් ජාතික හරිත විනිශ්චය සභාව වෙත අභියාචනයක් ගොණු කර ඇතැයිද වාර්තා වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos