රට පුරා පිහිටි ලංකා ඛණිජ තෙල් සංස්ථා ඉන්ධන පිරවුම්හල් සඳහා ඔක්ටේන් 92 සහ 98 නව ඉන්ධන වර්ගයක් හඳුන්වාදෙන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
කුරුණෑගලදී පැවති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන පිරවුම්හල් සඳහා නව පොම්ප හඳුන්වාදීමට ද පියවර ගන්නා බවයි.
ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට ඉන්දියානු සමාගම සමඟ තරඟ කරමින් ඉදිරියට ගමන් කරන බවද හෙතෙම වැඩිදුරටත් එහිදී සඳහන් කලේය.