-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රාගම රෝහලේ නේවාසික රෝගියකුට ඉන් පිටවන්නැයි බැණවැදුණු ආරක්ෂක නිලධාරීන්ට පහර දුන් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පොලිස් පොලිස් ඇප මත මුදාහැර තිබේ.
මෙම රෝහලට රෝගීන් බැලීමට පැමිණි පුද්ගලයන්ට පිටවන්නැයි පැවසූ ආරක්ෂක නිලධාරිනියක් අදාළ රෝගියාට ද පිටවන ලෙස පවසා ඇත.

එහිදී තමන් නේවාසික රෝගියකු බව පැවසුවත් දිගින් දිගටම පිටවන ලෙස පැවසූ ආරක්ෂක නිලධාරිනියකට පහර දී ඇති අතර එම නිලධාරිනිය හා තවත් ආරක්ෂක නිලධාරියකු රෝගියාට පහර දී තිබේ.

පසුව මෙම රෝගියා පොලිසියට භාරදී ඇත.

එම රෝගියා සිය නැගණිය දුෂණය කළ බව කියන පුද්ගලයන් කිහිපදෙනකු ඝාතනය කිරීමේ වරදට වසර 41ක් සිරගතව සිටි 56 හැවිරිදි පුද්ගලයෙකි. නුවර බෝගම්බර බන්ධනාගාරයේ සිරගතව සිටි ඔහු විශේෂ සමාවක් ලබා පැමිණ අසනීප තත්ත්වයකට ප‍්‍රතිකාර ගැනීමට රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.

(එම්.ආර්. කුමාර-කඳාන/ ඩිල්ෂානි රත්නසේකර - ජාඇල)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos