-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ක්ෂිත භාරයේ සිටි කොම්පඤ්ඤවීදියේ දී අත්අඩංගුවට ගැනුණු සමසෞඛ්‍ය සිසුන් 13 දෙනා රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ නියෝග කළේ ය.
පොලිසිය පැවසුවේ තමන්ගේ අවම බලය භාවිත කොට සිසුන් ගත් බවයි. එහිදී මහේස්ත‍්‍රාත්වරයා විමසුවේ ‘අවම බලය පාවිච්චි කරනවා කියන්නේ ශිෂ්‍යයකුගේ ඇස් එළියට පනින්න ගහන එකද? එ්ක නෙවෙයි අවම බලය කියලා පොලිසිය දැනගන්න  ඕන.’ යැයි පොලිසියට මහේස්ත‍්‍රාත්වරයා තරයේ අවවාද කළේ ය.

පොලිසියෙන් පහරදුන් බව පවසමින් අත්අඩංගුවට ගෙන සිටි සිසුන් 4 දෙනකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන අතර ඇප ලබාදීමේ කටයුතු සඳහා මහේස්ත‍්‍රාත්වරයා රෝහලට ගොස් සිසුන්ගේ තත්ත්වය පිරික්සා බැලී ය.

සැකකාර සමසෞඛ්‍ය සිසුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය ගිය අවස්ථාවේ රාජකාරියට බාධා කළ බව පවසමින් සම සෞඛ්‍ය පීඨ සිසුන් 13 දෙනකු පසුගිය දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.

(මයුරි පෙරේරා)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos