-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සමන් ගමගේ, ධම්මික සල්වතුර, ශිරාන් රණසිංහ, නෝමන් පලිහවඩන, සචිත්‍ර ඇල්වලගේ, රංජිත් විමලසිරි

දෙපිරිසක්‌ අතර හටගත් ගැටුමක්‌ හේතුවෙන් ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හමුවේ දෙවැනි දිනටත් ඊයේ (11 වැනිදා) සවස 6.00 සිට අද (12 දා) පෙරවරු 7.00 දක්‌වා කොළඹ ග්‍රෑන්ඩ්පාස්‌ බලප්‍රදේශයට පොලිස්‌ ඇඳිරි නීතිය පනවනු ලැබීය.

කොළඹ ග්‍රෑන්ඩ්පාස්‌ ස්‌වර්ණතිලක මාවත ප්‍රදේශයේ දෙපිරිසක්‌ අතර පෙරේදා (10 දා) සවස ඇති වූ මෙම ගැටුම හේතුවෙන් පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු හා සිවිල් පුද්ගලයන් සිව්දෙනකු සුළු තුවාල ලබා තිබිණි.

මෙම සිද්ධියත් සමඟ ආරක්‍ෂක අංශ මැදිහත් වී තත්ත්වය පාලනය කෙරුව ද ඊයේත් ප්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇතිවීම නිසා මෙසේ පොලිස්‌ ඇඳිරි නීතිය පනවනු ලැබිණි.

ආගමික ස්‌ථානයක්‌ මුල්කර ගනිමින් මෙම ගැටුම හටගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සමථයට පත්කිරීම සඳහා ඊයේ සවස්‌ වන විට ප්‍රදේශයේ ආගමික නායකයෝ ද මැදිහත් වී සාකච්ඡා පවත්වමින් සිටියහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week