-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මගීන් නැති,ගුවන් යානා එන්නැති මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සදහා රුපියල් කෝටි 900ක විදේශ ණය මුදලක් චීනයෙන් ලබා ගැනීමට ආණ්ඩුව සැලසුම් සකස් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා පවසයි.

මත්තල ගුවන් තොටුපළ ඉදි කිරීම සදහා ආණ්ඩුව රුපියල් කෝටි 3,800 ක් මුලින් වෙන්කර ගත් බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය. එම මුදල් උපයෝගී කරගෙන ගුවන් තොටුපලේ වැඩ නිමකර ජනතා අයිතියට පවරා තිබියදීත් මෙවැනි ණය මුදලක් ලබා ගැනීමට සැලසුම් කර තිබෙන්නේ මත්තලට පැමිණෙන ගුවන්යානා සහ මගීන් ප‍්‍රමාණය ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු සදහා නොවන බවද මන්ත‍්‍රීවරයා පවසා සිටියේය.

මේ පිළිබද ආණ්ඩුවෙන් විමසූ විට ඔවුන් සදහන් කරන්නේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ගෙවිය යුතු මුදල් ගෙවීමට මෙම ණය මුදල අවශ්‍ය වී තිබෙන බවත් හෙතෙම සදහන් කළේය.

මේ ආකාරයට ඇස්තමේන්තු මුදලට වඩා තවත් රුපියල් කෝටි 900ක ණය මුදලක් ලබා ගතහොත් මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීමට විදේශ රට වලින් ගත් ණය ප‍්‍රමාණය සමස්ත වියදමින් 90% ඉක්මවන බවද ඒ මහතා කියා සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week